රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට යෝජනාවක්
(දයාසීලි ලියනගේ)
පාසල් දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පාසල්වලදීම සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
සංකූලතා ඇති දරුවන් පමණක් රෝහල්වලදී එන්නත් කළ යුතු අතර අනෙක් දරුවන් පාසල්වලදීම එන්නත් කළ යුතු බව විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා රෝහල්වල මැදිහත් වීමෙන් පාසල් දරුවන්ට එන්නත් ලබාදීම කළයුතු බවද ඔහු කීවේය. එන්නත ලබාදීමට රෝහල්වලට හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට ගෙන්වීමට වඩා පාසල් තුළදීම එන්නත් කිරීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd