(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් වාර පැවැත්වීම ද බරපතළ ගැටලුවක් වී පවතී.
සැසිවාරය කල් තබනු ලැබූ පාර්ලිමේන්තුව ඉකුත් බදාදා සිට සිකුරාදා දක්වා දින තුනක් පිට පිට රැස්වුවද එම රැස්වීම් පවත්වාගෙන යාමට නොහැකි විය.
පාර්ලිමේන්තුව පෙරේදා (16) ප.ව. 1.30ට රැස්වීමට නියමිතව තිබුණ ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ අසුන අරක්ගෙන ඒ අසල විෙරා්ධතාවේ යෙදුණු බැවින් කතානායක කරු ජයසූරිය මහතාට සිය අසුනට පැමිණීමට පවා නොහැකි විය.
ඉන් පැයකට පමණ පසුව කතානායකවරයා පොලිස් නිලධාරින් විශාල පිරිසකගේ ආරක්ෂාව මැද සභා ගැබට පැමිණිය ද කතානායක ආසනය ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් රැගෙන යනු ලැබීම නිසා කතානායකවරයාට ඉඳ ගැනීමට නොහැකි විය.
ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් සභාව අපහසුතාවෙන් හෝ පවත්වාගෙන යාමට හැකිවූයේ විනාඩි කිහිපයකට පමණි.
පාර්ලිමේන්තුව හෙට (19) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබුණ ද ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මත හෙට දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිවේද යන්න බරපතළ ගැටලුවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd