පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය 

 

(තිළිණි ද සිල්වා) 

ජනාධිපති ​ෙමෙත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය විනිසුරුවරුන් පහකට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස ඉල්ලා පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර ඇත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිල, ජගත් සිසිර සේන ද සිල්ව, මහාචාර්ය චන්න ජයසුමන හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරුන් මෙලෙස පූර්ණ විනිසුරු මණ්ඩලයක් ඉල්ලා මෙම මෝසම ගොනුකර ඇත.