පාරේ සුදු ඉරි අඳින්න අඩු වියදම් කොන්ත්‍රාත්තුව ඉවතට
(දයාසීලි ලියනගේ)
ප්‍රධාන පෙළේ මාර්ගයක සුදු ඉරි පිංතාරු කිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අඩියක් රුපියල් අටකට පිංතාරු කිරීමට ඉදිරිපත් වූ ඉල්ලීම නොසලකා අඩියක් රුපියල් 32 කට පිංතාරු කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවේ.
අඩියක් රුපියල් 32 ගණනේ පිංතාරු කිරීමට භාරගත් ආයතනය එය රුපියල් 8 බැගින් කිරීම සඳහා උපකොන්ත්‍රාත්කරුවකුට බාරදී ඇති බවද දැනගන්නට ඇත. අඩියක් රුපියල් 32 බැගින් මුදලකට සුදු පැහැති පිංතාරු කිරීමට බාරගත් ආයතනය ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සමීප හිතවතෙකුගේ බව වාර්තා වේ.
කිලෝමීටරයකට අඩි 6000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වේ. මුළු මාර්ගයේම සුදු ඉරි ඇඳීම සඳහා මෙම කොන්ත්‍රාත්තුව බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd