(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයේ තනතුරු බෙදී යා යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ දෙකෙන්ම යෝජනාවලි දෙකක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
එම යෝජනාවලි දෙක ඉකුත් බදාදා (26) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති පක්ෂ දෙකේ නියෝජිතයින්ගේ සාකච්ඡාවේදී දෙපාර්ශ්වය විසින් හුවමාරු කර ගනු ලැබ ඇති බවද පැවැසේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය පොදුජන පෙරමුණේ නියෝජිතයින්ටත්, පොදුජන පෙරමුණේ යෝජනාවලිය ශ්‍රීලනිපයේ නියෝජිතයින්ටත් බාරදී ඇත.
අලුතින් පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානයේ නායකත්වය සභාපති, ලේකම්, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික ආදී තනතුරු ද දේශපාලන මණ්ඩලය ද බෙදී යායුතු ආකාරය යනාදී කාරණා සම්බන්ධයෙන් එම යෝජනාවලියේ සඳහන්ව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. පොදුජන පෙරමුණ බාරදී ඇති යෝජනාවලිය අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂයේ ජ්‍යෙෂ්‍ඨයින්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd