(දයාසීලි ලියනගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියට පටහැනිව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් පිළියන්දල ප්‍රදේශයේ හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියට 2015.07.08 දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව ලක්ෂ 200කට වැඩි ආයෝජනයක් ඇති හෝටල් සඳහා පමණක් මත්පැන් බලපත්‍ර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
පසුගිය සතියේ සිට හෝටල්වලට බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කළ විමසීමේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු විසින් දෙන ලද උපදෙස්වලට අනුව ක්‍රියා කර ඇති බවයි.
හෝටල්, රෙස්ටොරන්ට්, ක්ලබ් බාර් හා බියර් අලෙවි සැල් සඳහා අලුතෙන් බලපත්‍ර නිකුත් කරන ලෙසට උපදෙස් දී ඇතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හොඳයි ! මුළු රටම බාර් වලින් පිරෙව්වහම රට නැහැවෙන්නේ කිරි පැණි වලින් නොවෙයි මත් පැන් වලින්. මතකනේ හිටපු එක්කෙනාගේ "තිතට මත" වැඩ සටහන. ඒ දහස් වල හිටවපු ගස් වල ගෙඩි තමයි දැන් කඩන්නේ.