(අජන්ත කුමාර අගලකඩ)
ජාතික මග මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුව අනිද්දා (14) ප.ව. 3.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ඉකුත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රට තුළ ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය හමුවේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමත්, ජනතාව තුළ විශ්‍වාසය හා දිරිමත්භාවය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් මෙම නව මහජන ව්‍යාපාරය ආරම්භ කළ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා “ඉරිදා ලංකාදීප”යට පැවැසීය.
දේශපාලන පක්ෂ බේදයෙන් තොරව පැවැත්වෙන මෙම ජාතික මග මංගල සමුළුවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසකට ආරාධනය කර ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අත්‍යවශ්‍ය වෙලාවක අත්‍යවශ්‍යම වැඩක් අපට මේ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද?