(උපුල් වික්‍රමසිංහ)
එළැඹීමට යෝජිත චීන-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් දේශීය කර්මාන්ත කඩා වැටීමට ඉඩ ඇති බවට ඇතැම් පාර්ශ්ව සැක පළ කළ ද එම ගිවිසුමට අදාළ මූලික කෙටුම්පත හෝ මේ වනතෙක් සකස් කර නැති බවත් ඊට අදාළව දෙරටේ බලධාරීන් අතර සාකච්ඡා පමණක් සිදුවෙමින් පවතින බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඉරිදා “ලංකාදීප”යට කීය.

මෙම ගිවිසුමට එළැඹීම මගින් ශ්‍රී ලංකාවට චීනයේ දැවැන්ත වෙළෙඳපොළ විවෘත වෙන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ හේතුවෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුල් ඉඩ ප්‍රස්තාවක් විවර වෙන බව ද පැවැසීය.
නිදහස් වෙළෙඳ ගිවිසුමක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවිට භාණ්ඩ විශාල ප්‍රමාණයක බදු සහන හිමි වෙන නමුත් ඇතැම් පාර්ශ්ව පවසන පරිදි චීනයෙන් මෙරටට ගෙන්වන සියලුම භාණ්ඩවලට මේ ගිවිසුම යටතේ බදු සහන හිමි නොවන බවත් ශ්‍රී ලංකාවේ නිපදවන භාණ්ඩ විශාල වශයෙන් චීනයට අපනයනය කිරීමට අවස්ථාව ලැබෙන බවත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd