(දයාසීලි ලියනගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පසුගිය වසරේදී අනුමත ක්‍රියාපටිපාටියෙන් තොරව 98 දෙනෙක් බඳවාගෙන ඇති බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වේ.
බඳවා ගැනීමේ කොන්දේසි නොසලකා දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම් කර ඇති බව අනාවරණ වූයේ යැයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කීය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළුව ආයතන 15ක් පිළිබඳව පවත්වන ලද නිරීක්‍ෂණ ඇතුළත් වාර්තාවක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd