රසායනාගාර විද්‍යාඥ රවි කුමුදේශ්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දැනට මතුවී ඇති කොරෝනා රැල්ල සමාජය තුළ ව්‍යාප්තවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
නියම කොරෝනා ආසාදන තත්ත්වයට මුහුණදීමේ අවස්ථාව ලංකාවට උදාවී ඇත්තේ මේ අවස්ථාවේ බවත් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් අවදානමේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇත්තේ ලංකාව දැන් තිබෙන අවධියට එළැඹීමෙන් පසුව බව ඔහු පෙන්වා දෙයි.
රෝගය නැවත ව්‍යාප්ත වූයේ කොතැනින්ද? එය කොහේ සිට නැවත පැමිණියේද? එතැනින් යළි ව්‍යාප්ත වූයේ කෙසේද? කියන කාරණාව පිළිබඳ අවබෝධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd