(මහින්ද නිශ්ශංක)
කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 100 ක වැඩිවීමක් ලබාදෙන ලෙස හෝ ආනයනික කිරිපිටි සඳහා පනවා තිබෙන 15% ක වැට් බද්ද ඉවත්කරන ලෙස කිරිපිටි සමාගම් මුදල් අමාත්‍යාංශයෙන් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා තිබේ.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3300, 3400 දක්වා ඉහළ ගොස් තිබීම හා ආනයනික කිරිපිටිවලට මෙතෙක් නොතිබුණු වැට් බද්දක් පැනවීම හේතුවෙන් කිරිපිටි සමාගම් මාස ගණනාවක සිට විශාල වශයෙන් පාඩු ලැබීම මෙයට හේතු වී ඇතැයි කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. පසුගිය වසරේ ලෝක වෙළෙඳපොළේ ඩොලර් 2700, 2800 කට තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඩොලර් 3300, 3400 දක්වා ඉහළ ගොස් ඇතැයි සමාගම් පවසයි.
දැනට කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 325 ක් වන අතර කිලෝවක මිල රුපියල් 810 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd