තරුණ පිරිසගෙන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලයි
(පද්මිණී මාතරගේ)
කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දෙන කුමන හෝ එන්නත් වර්ගයක් වහාම ලබාගන්නා ලෙස වයස 20-30 අතර තරුණ පිරිස වෙතින් ඉල්ලා සිටින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
කොවිඩ් වසංගත රෝගයට අදාළව මේ වන විට ලබාදෙන එන්නත් අතරින් කුමන හෝ එන්නතක් ලබා ගන්නා ලෙස එම තරුණ පිරිස් වෙතින් ඉල්ලා සිටින බවත්, ඒ අනුව රටේ සියයට 83 කට පමණ එන්නත් ලබා දීමෙන් සමස්ත ප්‍රජාවගේ ආරක්ෂාව නිරායාසයෙන් ලැබෙන බවද ඒ මහතා පැවසීය.
එසේම වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය, සෙසු සෞඛ්‍ය අංශ විසින් කරන ලද විශාල මැදිහත්වීම මත කොවිඩ් රෝගීන් අඩු වී තිබෙන බවත්, එහෙත් ජනතාව වගකීම් විරහිතව විනයක් නොමැතිව හැසිරීමෙන් කොරෝනා පස්වැනි රැල්ලක් ඇතිවීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
මේ වන විට රෝහල්වල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇතත් වයිරස් උණ, ඩෙංගු ඇතුලු වෙනත් රෝග හේතුවෙන් රෝහල්ගත වන පිරිස් වැඩි වී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd