කෝපා කමිටුවෙන් විමර්ශනයක්
(
සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබූ රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඖෂධ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත.
මේ සම්බන්ධයෙන් එම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත. එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ කලකට පෙර සිදු වූ මෙම සිද්ධියට නිලධාරීන් එකොළොස් දෙනකු වගකිව යුතු බවයි.
ඒ නිලධාරීන්ගෙන් තිස් දෙලක්ෂ හැට එක් ලක්ෂයක මුදලක් 2020.12.31 වැනි දිනට අයකරගෙන ඇති බවත් නිලධාරීන් හත් දෙනෙකු මියගොස් හෝ සේවය අතහැර ගොස් හෝ ඇති බවත් එම ප්‍රධානීන් කෝපා කමිටුවට දැනුම්දී ඇත.
අනෙක් නිලධාරීන් හතර දෙනාගෙන් අලාභ අය කර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd