(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු පළාත් සභා මැතිවරණයට තරග වැදීම සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ අතර මත ගැටුම් ඇති වී අැතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි.
එක් එක් පක්ෂ සන්ධාන ගත වී තරග කිරීමේදී විවිධ මතවාද ඇතිවීම මෙයට හේතුවකි.
උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සමඟ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් දෙමළ මහජන පෙරමුණ විරෝධය පළකර තිබේ.
එම පක්ෂයේ නායක ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේ ඊ.පී.ආර්.එල්.එෆ්. සන්ධානය හෝ දෙමළ ජාතික සන්ධානය අතහැර තම පක්ෂය සමග සම්බන්ධ වී තරඟ කරන්නේ නම් තම පූර්ණ සහය පළ කරන බවයි.
එසේ වූවහොත් දෙමළ ජාතික සන්ධානය ලැබූ ජයග්‍රහණයට වඩා ඉහළ ජයග්‍රහණයක් ලබාදීමට කටයුතු කරන බවද දෙමළ මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා සඳහන් කළේය.
එසේ නොමැති වූවහොත් තමන් තනි පක්ෂයක් ලෙස උතුරු පළාත් සභාවට තරග කිරීමට තීරණය කළ බවද ඔහු පැවැසීය.
දැනටමත් ජනතාව දැනුවත් කිරීම් සිදු කරන බවත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ විට ප්‍රචාරක කටයුතු පුළුල් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අනිවාර්්‍යයෙන්ම මැතිවරණයට තරග කරන බවත්, විග්නේෂ්වරන් මහතා විසින් තම පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ ද නොවන්නේ ද යන්න තීරණය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd