පාරට සුදුසු ටොන් 80යි: එන්ජිමක බර ටොන් 120යි
පාරට බර වැඩියි

(දයාසීලි ලියනගේ)
රුපියල් කෝටි 120ක් වැය කර මෙරටට ගෙන්වන ලද දුම්රිය එන්ජින් 10ක් පාවිච්චියට ගත නොහැකිව දුම්රිය අංගනයේ ගාල් කර තිබෙන බව වාර්තා වේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම දුම්රිය එන්ජින් ධාවනය කිරීම මෙරට පීලිවලට දරාගත නොහැකි තත්ත්වයක පවතින බව අනාවරණය වීම නිසා දැනට මෙම දුම්රිය එන්ජින් පාවිච්චියට නොගෙන ඉවත්කර තිබෙන බව සඳහන් වේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම දුම්රිය එන්ජින් 10න් 2ක් ධාවනයට යොදවා තිබූ අතර එම එන්ජින් 2ම පීලි පැන ඇත. ඒ පිළිබඳව කළ සොයා බැලීමේ දී මෙම එන්ජිමක බර ටොන් 120ක් වී ඇති අතර රේල් පීලිවලට දරාගත හැක්කේ ටොන් 80ක බර බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd