(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර ද මේ වන විට බෙදීමක් ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුපෙළ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු කණ්ඩායමේ එකඟතාවකින් තොරව වෙනම මාධ්‍ය හමු පැවැත්වීම මෙම බෙදීමට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවසේ.
කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ගිය සතියේත්, ඊට කලින් සතියේත්, මාදිවෙල මන්ත්‍රී නිල නිවසක වෙනම මාධ්‍ය හමු පවත්වා ඇති අතර, එය ආණ්ඩුවේම ඉහළ අයකුගේ අවශ්‍යතාව මත පවත්වා ඇති බව ද වාර්තා වේ.
මේ අතර, සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ වාර්තාව මත සිදුකරන ලද්දක් බවට පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළකර ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd