(දයාසීලි ලියනගේ)
අතුරු අයවැය යෝජනාවලිය ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.
මේ වන විට අතුරු අයවැය යෝජනාවලිය සකස් කර අවසන් වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
පාර්ලිමේන්තු සැසි වාරය ලබන 16 වැනිදා විවෘත කිරීමට කලින් තීරණය කර තිබූ අතර එදිනට සිදුවෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණක් බවද ඔහු කීය.
ඒ අනුව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනයේ අතුරු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරනු ඇතැයි සඳහන් වේ.
ලබන 16 ට පෙර පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කළ හොත් රැස්වන දෙවැනි දිනයේ අතුරු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරනු ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd