මහා භාණ්ඩාගාරය දැනුම් දෙයි
දයාසීලි ලියනගේ
විදුලිය පරිභෝජනය කරනු ලබන අඩු ආදායම්ලාභීන් සඳහා සහන ගාස්තු ක්‍රමයක් ලබා දිය නොහැකි බව මහා භාණ්ඩාගාරය මගින් මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී ඇත.
විදුලි බිල වැඩි කිරීමට පෙර අඩු ආදායම්ලාභීන් සඳහා වර්ෂයකට රුපියල් බිලියන 65ක් වැය කරනවාද? යන්න පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම භාණ්ඩාගාරයෙන් විමසා තිබූ අතර භාණ්ඩාගාරය එය කළ නොහැකි බව දන්වා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 5.2 කින් ආදායම ඉහළ දැමීම සඳහා විදුලි ගාස්තු වැඩිකරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව කොමිසම රටේ ජනතාවගේ අදහස ද විමසා බලනු ලැබීය.
මේ මාසයේ සිට විදුලිය ගාස්තුව වැඩිවීමට නියමිතව ඇති බව ද කොමිසම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දෙවියනේ..අපිට ලයිටි වලට බිල අඩුවන විදිහක් නැහැ අහෝ
අඩු අඩයම් අති මිනිසුන්ට සහනයක් දෙන්න ඕනෙ.
විදුලි බිල් නොගෙවා කෝටි ගණන් තියෙන අයගෙන් වැඩිපුර ගාස්තු අය කළානම් ඔය ප්‍රශ්නයක් නොවෙයි එසේ කරන්න ගාස්තු වැඩි කරන්න එපා
විදුලියත් කපලා බිලත් වැඩි කරනවා. රට මේ තත්වයට පත්කල හැමෝටම ශාප වෙනවා
It is not acceptable to increase electricity bill, Need to do fishbone analysis.
Country has to get out from the subsidy mentality. Need to create opportunities to increase the income levels of low income groups. Need to cut down unnecessary costs and reduce the cost of a unit of electricity and provide electricity at a reasonable price.