(දයාසීලි ලියනගේ)
නෝර්වේ රාජ්‍යෙය් තෙදින නිල සංචාරයක යෙදී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (6) ලන්ඩන් නුවරට යෑමට නියමිතව සිටියේය.
නෝර්වේ රාජ්‍යයේ ඉහළපෙළේ නායක නායිකාවන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉහළපෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ද හමුවී සාකච්ඡා පැවැත්වීය. රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා සංකීර්ණයක් ද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. නෝර්වේ සංචාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඊයේ (6) ලන්ඩන් නුවර බලා පිටත් වීමට නියමිතව තිබුණි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සම්මේලනයකට සහභාගි වීමට ලැබුණ ආරාධනාවකට අනුව එහි ගිය අග්‍රාමාත්‍යවරයා එම සම්මේලනයට පැමිණෙන රාජ්‍ය නායකයන් හමුවීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd