(අසුන්තා එදිරිසූරිය)
ශරීරයට කිසිසේත් නුසුදුසු බැර ලෝහ අඩංගු රෙදි වර්ග වර්ණ ගැන්වීමට භාවිත කරනා පිළිකා කාරක ඩයි වර්ග සහ කාලය ඉකුත්වූ පාන් පිටි, හාල් පිටි ආදිය යොදා බාල කිරීම්වලට ලක් කරන ලද කහ වර්ග වෙළෙඳ පොළට නිකුත් විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ඉල්ලා සිටියි.
කහ සඳහා වැඩි ඉල්ලුමක් පවතින කාලවල දී හා කහ සැපයුම් අඩාළ වන කාලවල දී මෙවැනි බාල කරන ලද කහ වර්ග වෙෙළඳ පොළට නිකුත්වීම කලක පටන් මෙරට සිදුවන නීති විරෝධී කටයුත්තක් බව ද ඔහු කීය.
මෙලෙස බාල කහ වර්ග ආහාරයට ගැනීමෙන් අක්මාවට හා වකුගඩුවලට ඍජු බලපෑමක් එල්ල කළ හැකි වන අතර ස්නායු පද්ධතියට ද බලපෑම් ඇති කළ හැකි බව සොයා ගෙන ඇත.
ඇදුම වැනි රෝගී තත්ත්වයන් උත්සන්න වීමට ද බාල කහ පාවිච්චියට ගැනීම හේතුවිය හැක. මේ නිසා ආහාර පිළියෙළ කිරීමට කහ මිල දී ගැනීමේ දී ආහාර ප්‍රමිතීන්ට අනුව සකස් කරන තත්ත්වයෙන් උසස් වෙළෙඳ නාමයෙන් යුතු කහ පාවිච්චි කිරීම සුදුසු බව ද ඔහු කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.