(නිශාන්ත කුමාර බණ්ඩාර)
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්ෆික් ජමාත් (N.T.J) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නමැත්තා මියගියේ ද නැද්ද පිළිබඳ ගැටලුවක් වී තිබේ.
මෙයට සම්බන්ධ බවට සැකකෙරෙන බෝම්බකරු මියගිය බවට මෙතෙක් තහවුරු වී නැතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙම කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයා මියගිය බවට තහවුරු වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
එහෙත් ජාතික තව්පික් ජාමාත් හෙවත් (N.T.J.) නායකයා ලෙස සැලකෙන මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් ද යන්න තහවුරු වී නැතැයි ඔහු සඳහන් කළේය.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ සහරාන් නමැත්තා බවට වාර්තා වූවත් එය මෙතෙක් තහවුරු වී නැත.
එහෙත් එහිදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇතැයි ආරක්ෂක අංශ උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පැවැසීය.
මෙම ප්‍රහාරවලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු ප්‍රහාරවලට සම්බන්ධ වී ඇති අතර එයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ආරක්ෂක අංශ බලධාරීහු ප්‍රකාශ කළහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ෂැංග්‍රිලා බෝම්බකරු සහරාන් දැයි සැකයක්