(අජන්ත කුමාර අගලකඩ)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමට අවසර ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් භාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇමැතිවරයකුගේ නිවසේ රැස්වී මෙම තීරණය ගෙන ඇති බවත් තනතුරුවලින් ඉල්ලා අස්වීමට අවසර ඉල්ලීමේ ලිපිය පෙරේදා (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාට භාරදී ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැවැසීය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ද එම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ. විශ්වාසභංග යෝජනාවට සහාය දී වත්මන් අගමැතිවරයා සමඟ තවදුරටත් කැබිනට් මණ්ඩලයේ සිටිය නොහැකි බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලින් විශ්වාසභංග යෝජනාව පරාජය කළ ද අගමැතිවරයාට එල්ලවී ඇති චෝදනාවලින් එතුමා නිදහස් නොවන බවත් ඇමැතිවරුන් පිරිස ජනාධිපතිවරයාට යොමුකර ඇති ලිපියෙන් පෙන්වාදී ඇතැයි ද වාර්තාවේ.
තනතුරුවලින් ඉල්ලා අස්වීමට අවසර ඉල්ලා භාර දුන් ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පිළිතුරක් දී නැති බව ද වාර්තාවේ.
ආණ්ඩුවේ සිටින සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර යාපා, ජෝන් සෙෙනවිරත්න, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන ඇමැතිවරුන් ඇතුළු 16 දෙනෙක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදුන්හ.
2025 දෙසැම්බර් මස 04
390
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
443
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීලනිප ඇමැති 16ක් ආණ්ඩුවෙන් යන්න ජනපතිගෙන් අවසර පතයි