(දයාසීලි ලියනගේ)
රුහුණු සංවර්ධන සංස්ථාව ළඟදීම පිහිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඉදිරි වසර කීපය තුළදී දකුණේ කර්මාන්තශාලා 800 කට ආසන්න ප්‍රමාණයක් මෙරට පිහිටුවීමට නියමිතව ඇති නිසා ඒවායේ වැඩ කටයුතු සඳහා රුහුණු සංවර්ධන සංස්ථාව පිහිටුවීමට නියමිතව ඇත.
හම්බන්තොට වරාය අවට පිහිටුවීමට නියමිත තෙල් පිරිපහදුවක්, නැව් තටාකාංගණයක්, එල්.එන්.ජී. බලාගාරයක්, වානේ කර්මාන්තශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලා දෙකක් පිහිටුවීමට දැනටමත් පියවර ගෙන ඇත.
මෙම ආයතනවලට ඉඩම් පැවැරීමේ ඉදිරි කටයුතු කරගෙන යාම රුහුණු සංවර්ධන සංස්ථාවට පැවැරීමට අග්‍රාමාත්‍යවරයා අදහස් කරයි.
හම්බන්තොට වරාය බදු දීමෙන් රටේ ජාතික ණය ඩොලර් කෝටි 110කින් අඩු කිරීමටද අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd