IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මහා අවි ගබඩාවක් සමන්තුරෙන් අල්ලයි

පාස්කු ඉරිදා පිපිරවූ බෝම්බ සෑදීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සපයා ඇත්තේ මේ ගබඩාවෙන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ ඍජු සම්බන්ධතා පවත්වන බවට පැවසෙන ජාතික තවුහිත් ජමාත් නමැති සංවිධානයට අයත්ව සමන්තුරේ නගරයේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අම්පාර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (26) සවස වටලා බෝම්බ සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය සහ කුඩා යකඩ බෝල ලක්ෂයක් පමණද ගෑස් මුහුණු ආවරණ ද සොයාගනු ලැබීය. 


මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ද මෙහි තිබී සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි. 

නයිට්‍රේට් ඇසිඩ් අඩංගු කිලෝ 25 ක් පමණ බර ප්ලාස්ටික් බූලි 20 ක්, බෝම්බ සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50 බැගින් අඩංගු බූලි 06 ක්, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක්, ජෙලග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු තොගයක්, පැති බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ සහ බැටරි කෑලි තොගයක් ද ගෑස් මුහුණු කිහිපයක් ද මෙම කාමරයේ ගබඩා කර තිබියදී සොයාගෙන ඇත. 


මෙම ගබඩාවට යාබද ගොඩනැගිල්ලක තිබූ ජෙනරේටරයක්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දෙකක්, රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු උපකරණ තවත් රැසක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය. 


සැකකටයුතු වෑන් රථයක්, ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු තවත් දේපළ රැසක් සොයාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය ඊයේ (26) රාත්‍රී නිවේදනය කළේය.
 පසුගිය දිනෙක සිදුවූ බෝම්බ ප්‍රහාරවල මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැකකරන පිරිසක් නිකුත් කළ බවට සැකකරන වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන එම පුද්ගලයන් ඇඳ සිටින ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයකුත්, එමෙන්ම එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරය බවට සැකකරන තිරයකුත්, ජෙලග්නයිට් කූරු 150කට අධික ප්‍රමාණකුත් කුඩා යකඩ බෝල ලක්ෂයක් පමණ ප්‍රමාණයක්, සැකකටයුතු වෑන්රථයක්, ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු බඩු රැසක් මෙහි තිබී සොයාගෙන ඇතැයි ද එම නිවේදනයේ දැක්විණ. 


රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව ඒකකයට ලැබුණු තොරතුරක් මත කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් අන්තවාදී මුස්ලිම් සංවිධානයට අයත් පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සොයා ගැනීමට හැකි වූ බව අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 


පසුගිය පාස්කු ඉරිදා කොළඹ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවට සහ මඩකළපුව දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමට මෙහි ඇති පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන ඇති බව පෙනී යන්නේ යැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග කියයි. 


රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව ඒකකයට මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව පිළිබඳ තොරතුරු ලැබී එය සොයා ගැනීමට හැකි වූ නිසා ඉදිරියේදී සිදුවීමට තිබූ මහත් විනාශයක් වළක්වා ගැනීමට හැකි විණි යැයි අම්පාරේ එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. 


මේවා ගබඩා කර තිබූ නිවසේ අයිතිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස පොලිසිය ප්‍රශ්න කර ගෙන යයි. මේවා මෙහි ගෙනැවිත් ගබඩා කර තැබීමට හවුල් වූ අය ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 


මහනුවර, අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට විශේෂ පුහුණුවක් ලබා ඇති නිල සුනඛ කයිතා ද මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහය වී ඇත. 


පොලිස් සැරයන් රසික (9007) සහ පොලිස් කොස්තාපල් කරුණාරත්න යන මහත්වරුන් පොලිස් නිල සුනඛයා මෙහෙයවා තිබේ. නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ විශේෂ උපදෙස් මත අම්පාර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අයාශ කරුණාරත්න සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ අම්පාරේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. 

 

 

 



අදහස් (0)

මහා අවි ගබඩාවක් සමන්තුරෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site