(දයාසීලි ලියනගේ)
මගී ප්‍රවාහන ගුවන් යානා විසිදෙකක් හා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සතුව තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට භාණ්ඩ ප්‍රවාහනය සඳහා අලුතෙන් තවත් ගුවන් යානයක් ලීසිං ක්‍රමය යටතේ ලබාගැනීමට රජය තීරණය කර ඇත.
බරපතළ පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය කාලය තුළම කිසිදු ලාභයක් නොලැබූ අතර ආයතනය පවත්වාගෙන යාමට රජයේ ආධාර ලබාදීමට සිදුවී තිබුණි.
අලුතින් භාණ්ඩ ප්‍රවාහන යානයක් ලීසිං පදනම යටතේ ලබාගැනීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ කාලය හා කාර්යක්ෂමතාව සලකා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලීසිං කර ලබාගන්නා බවටයි. මගී ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවාහනයට ගැලපෙන පරිදි සකස් කිරීමේ දී ජාත්‍යන්තර තත්ත්ව පාලනයට ගැලපෙන පරිදි සිදු කළ යුතු අතර විශේෂයෙන් භාණ්ඩ පැටවීම හා ගොඩබෑම යන්ත්‍රවලින් සිදුවන නිසා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්ම යෙදවීමට සිදුවන බව එම ප්‍රකාශකයා කීය.
කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය මගින් යම් ආදායමක් ලබන නිසා තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලබාගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භාණ්ඩ ප්‍රවාහනයට ශ්‍රීලංකන්ට තවත් යානයක් බද්දට ගනියි