(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකඟතාව හිමි නොවනු ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ග කියයි.
විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල මතය දැනුම් දෙන්නැයි කතානායක කරු ජයසූරිය මහතා ඉකුත්දා (02) එහි මහලේකම් ඇමැති මහින්ද අමරවී මහතාට ලිපියකින් දැනුම්දී තිබිණි.
ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනාද ඇතුළුව මන්ත්‍රීවරුන් 70 දෙනකු ඒකාබද්ධ විපක්ෂය සමග සිටින බැවින් විපක්ෂ නායක ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන්නැයි එහි මන්ත්‍රීවරුන් අට දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් ඉකුත් 30 වැනිදා කතානායකවරයාට භාරදී තිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 24 දෙනකු පමණ දැනටමත් ආණ්ඩුවේ කොටස්කාරයින් ලෙස ඇමැති රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති තනතුරු දරන බැවින් විපක්ෂනායක ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට සන්ධානයේ එකඟතාව නොලැබෙනු ඇතැයි සන්ධාන ආරංචිමාර්ගවලින් පැවසේ.
2025 දෙසැම්බර් මස 04
139
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
362
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිනේෂ්ට විපක්ෂ නායක ධූරය දෙන්න එජනිස අකමැතියි?