IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපතිවරණය නිරික්ෂණයට දෙස් විදෙස් 6061 ක්

(මහින්ද නිශ්ශංක) 

විදේශීය හා දේශීය නිරික්ෂකයන් 6061 ක් පමණ මෙවර ජනාධිපතිවරණය නිරික්ෂණයේ යෙදෙන බව වාර්තා වේ. මින් 61 දෙනෙකු විදේශීය නිරික්ෂකයන් වන අතර 6000 ක් දේශීය නිරික්ෂකයන් වේ. 

මෙවර ජනාධිපතිවරණය නිරික්ෂණයේ යෙදෙන විදේශීය නිරික්ෂකයන් 61 දෙනාගෙන් 15 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් සහභාගි වන අතර සෙසු 46 දෙනා ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ (ඇන්ෆල්) නිරික්ෂකයෝ වෙති. 


 මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් සහභාගි වෙන විදේශීය නිරික්ෂකයන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, මාලදිවයින, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව යන රටවලට අයත් වන අතර මෙම විදේශීය නිරික්ෂකයන්ට අමතරව මැතිවරණ කොමිසමේ ආරාධනය පරිදි 15 දෙනෙකුගෙන් යුත් විදේශීය කණ්ඩායමක් ජනාධිපතිවරණය අධ්‍යයන කටයුතුවලට සහභාගි වෙති. මෙම විදේශීය නිරික්ෂකයන් ලබන 12 හා 13 යන දිනවල මෙරටට පැමිණෙන බවත් ලබන 14 සිට 17 දක්වා ජනාධිපතිවරණය නිරික්ෂණ කොට සිය වාර්තාව ලබන 18 ද‌ා මැතිවරණ කොමිසමට බාර දීමට නියමිතය. 


 මේ අතර පැෆරල් සංවිධානය මගින් මෙවර ජනාධිපතිවරණය නිරික්ෂණය කිරීම සඳහා දේශීය නිරික්ෂකයන් 6000ක් පමණ යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 


ජනාධිපතිවරණය දින සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි මෙම දේශීය නිරික්ෂකයන් යොදවන බව පැවසූ විධායක අධ්‍යක්ෂ රෝහණ මහතා මෙදින ජංගම රථ 225 ක් සංචාරයේ යෙදෙන අතර ස්ථානගත නිරික්ෂකයන් ද යොදවන බව කීය.

 



අදහස් (0)

ජනපතිවරණය නිරික්ෂණයට දෙස් විදෙස් 6061 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site