IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුණු කන්ද නාය ගියේ රාජ්‍ය ආයතන 4ක වරදින්

(අජන්ත කුමාර අගලකඩ)  
මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් සිදුවූ ඛේදවාචකයේ වගකීම ප්‍රධාන ආයතන 4 කට පැවරෙන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.  

කොළඹ මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව, බස්නාහිර පළාත් අප ද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලට මෙම වගකිම පැවරෙන බව වාර්තාවේ සඳහන් වන්නේ යැයි දැන ගන්නට තිබේ.  


කසළ ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම සහ මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් අසාමාන්‍ය අයුරින් වර්ධනය වී තිබීම පිළිබඳව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාටද වාර්තාවෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තාවේ.  


මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේ අප්‍රේල් 14 වැනි දින නායයාම හේතුවෙන් ඇතිවූ ඛේදවාචකයෙන් පුද්ගලයෝ 32 දෙනෙක් මිය ගියහ.   


ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ අතර එම කොමිෂන් සභාව සිය වාර්තාව ඉකුත් 6 වැනිදා ජනාධිපතිවරයාට බාර දුන්නේය.  



අදහස් (0)

කුණු කන්ද නාය ගියේ රාජ්‍ය ආයතන 4ක වරදින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site