
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබූ එක්සත් ජාතික පෙරමුණේ හිටපු ඇමැතිවරුන් වැඩි දෙනෙකු සිය නිල වාහන දැනටමත් රජයට බාර දී ඇතැයි වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග එතෙක් පැවැති කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබීය.
ඉන් දින කිහිපයකට පසුව හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් ගණන ද පොලිස්පතිවරයාගේ නියෝගය මත අඩුකරනු ලැබීය.
එම හිටපු ඇමැතිවරුන් වැඩි දෙනෙකු සිය ධුර අහිමිවීමත් සමග ඔවුන් එතෙක් භාවිත කළ නිල වාහන ආපසු බාර දී ඇත.
එහෙත් එම ඇමැතිවරුන් කිසිවකුත් සිය නිල නිවාස තවමත් ආපසු බාර දී නැති බව ද වාර්තා වේ.
අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලැබුවද සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ඔවුනට මාස තුනක් යන තෙක් සිය නිල නිවාසවල රැඳී සිටීමට අවසර ලැබෙන බව ද රජයේ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd