(අජන්ත කුමාර අගලකඩ)
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේ දී සිදු වූ අනපේක්ෂිත ප්‍රමාදය වෙනුවෙන්, ඇෙමරිකානු ඩොලර් කෝටි 18 ක (රුපියල් කෝටි 3600ක පමණ ) ප්‍රමාද ගාස්තුවක් ගෙවන්නැයි ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන ෆරාබි සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික අනුමැතිය ,ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු යනාදියේ සිදු වූ ප්‍රමාදය,ඉරාන රජය වෙත ඇමෙරිකානු වෙළෙඳ සම්බාධක පැනවීම හේතුවෙන් වැඩ බිම්වලට යන්ත්‍රෝපකරණ ආනයනයේ දී සිදු වූ ප්‍රමාදය, බණ්ඩාරවල ප්‍රදේශය ආශ්‍රිතව උමං මාර්ගයේ සිදු වූ ජල කාන්දුව යනාදිය හේතුවෙන් ව්‍යාපෘතිය නිම කිරීමේ කටයුතු වසර පහකින් පමණ ප්‍රමාද වූ බව එම සමාගම දැනුම් දී ඇත.
2011 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් කෝටි පනස් තුනක් පමණ වූ අතර, ඉන් ඩොලර් කෝටි 45 ක් ඉරාන රජයේ EBDI බැංකුවෙන් ලබා ගැනීමටත්, ඉතිරි ඩොලර් කෝටි 8ක පමණ මුදල ශ්‍රී ලංකා රජයෙන් දැරීමටත් ගිවිසුම් ප්‍රකාරව එකඟ වී තිබේ.
මෙම ව්‍යාපෘතිය 2015 නොවැම්බර් මස 15 වැනිදාට අවසන් කිරීමට ගිවිසුම්ගතව තිබූ නමුත් විවිධ හේතු මත එය ප්‍රමාද වූ අතර, මේ වසර අවසන් වීමට පෙර ඒ සියලු ඉදිකිරීම් අවසන් කිරීමට ව්‍යාපෘති සමාගම එකඟතාව පළ කර තිබේ. ව්‍යාපෘතියේ සියයට 99ක පමණ වැඩ මේ වන විටත් නිම වී ඇත
මේ අතර, ව්‍යාපෘති සමාගම ඉල්ලා සිටින ඇෙමරිකානු ඩොලර් කෝටි18 ක පමණ වන ප්‍රමාද ගාස්තුව වෙනුවට ඇෙමරිකානු ඩොලර් කෝටි 4ක පමණ මුදලක් පමණක් ගෙවීම සාධාරණ බව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව රජයට නිර්දේශ කර ඇත.
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වන බැවින්, එහි වාසිය විදුලිබල මණ්ඩලයට ලැබෙන නිසා, එම ප්‍රමා ද ගාස්තුව විදුලිබල මණ්ඩලයේ අරමුදල් මගින් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජය යෝජනා කර ඇත..
ඒ අනුව, අදාළ ප්‍රමාද ගාස්තුව වාරික දෙකකින් ගෙවීමට විදුලිබල මණ්ඩලයට නියම කරන්නැයි වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උමා ඔය ව්‍යාපෘතිය හැදූ සමාගම කෝටි 3600ක ප්‍රමාද ගාස්තු ඉල්ලයි