(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වලින් සියයට 19 ක් මිලදී ගන්නා ඉරානයට ලබන මාසයේ සිට තේ අපනයනය කිරීමට නොහැකි වී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා ඇති සම්බාධක මෙයට හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා ප්‍රධාන රට වූ ඉරානය ගිය වසරේ දී තේ කිලෝ ග්‍රෑම් කෝටි 13 මිලදී ගෙන ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 681 ක් බව හිටපු ඇමැති සුනිල් ප්‍රේම ජයන්ත මහතා කීය.
ඉරාන වෙළෙඳපොළ අහිමි වී යාම වෙනුවෙන් වෙනත් වෙළෙඳ පොළ සොයා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇති අතර එසේ නොවුනහොත් රුපියල් කෝටි 5448 ක මුදලක් අහිමි වන බව ද ඔහු සඳහන් කළේය.
අලුත් වෙළඳපොළවල් සොයා ගැනීම සඳහා රජය මෙතෙක් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd