- සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි
(දයාසීලි ලියනගේ)
කොරෝනා රෝගය එන්න එන්නම වැඩි වෙමින් පවතින නිසා රෝහල්වල තදබදය අඩු කිරීමට රෝගීන්ගේ තත්ත්වය හා පරිසරය සලකා බලා බරපතළ නොවන රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස සෞඛ්‍ය අංශ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
දැනටමත් කොරෝනා රෝගියකු රෝහල් ගත කිරීමට දින තුන හතරක් ගන්නා අතර රෝගියා අවදානම් සහගත නොවේ නම් ඔහුට නිවසේ සිට ප්‍රතිකාර ලැබිය හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා ඇත.
කොරෝනා රෝගීන්ගේ ඔක්සිජන් පරිහරණය වැඩි නිසා රෝහල්වලට ඔක්සිජන් පහසුකම් ප්‍රමාණවත් තරම් ගබඩා කර ගන්නා ලෙසට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවේ දී ඉල්ලා ඇත.
රෝහල්වලට වෛද්‍ය හිඟයක් ඇති නොවීම සඳහා සීමා වාසික වෛද්‍යවරු වහාම බඳවා ගන්නා ලෙසට ද මෙහිදී ඉල්ලා ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අසාධ්‍ය නොවන කොවිඩ් රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර කරන්න