IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අක්කර විස්සක රජයේ ඉඩමේ පොල්ගස් කපාගත් දේශපාලකයා

ඕනෑම වෘත්තියකට මෙන්ම ක්‍රීඩාවටත් විශ්‍රාම ගැනීමේ වයස් සීමාවක් තිබේ. එහෙත් විශ්‍රාම යාමක් නොමැති එකම ‘වෘත්තිය’ වන්නේ දේශපාලනයයි. හොට බිම ඇනෙනතුරුම එහි නිරතව සිටීමට දේශපාලනඥයා සමත්ව සිටින්නේ ගතේ සිතේ ශක්තියට හෝ ජනතාවට සේවවාක් ඉටු කිරීමට ඇති කැමැත්ත නිසා නොව බලකාමය  හා ඉන් ලැබෙන අසීමිත ප්‍රතිලාභයක් නිසාය. පසුව අවසන් මොහොතේ දේශපාලනයට සමුදෙන දේශපාලනඥයා තමාගේ තැනට පත්කර යන්නේද තමාගේම පවුලේ කෙනෙකි. 


බස්නාහිර පළාතේ එක්තරා දිස්ත්‍රික්කයක දීර්ඝ කාලයක සිට දේශපාලනයේ නිරතව සිටි දේශපාලනඥයෙකි. දශක  හතරකටත්  වඩා දේශපාලනය කර ඇමැතිකම් පවා දැරූ මෙම දේශපාලනඥයා  වයසට යාමෙන් පසුව තම අවසන් මහා මැතිවරණයට මුහුණ දුන්නේය.  තමාට එම මැතිවරණය අවාසිදායක  එකක් බව හොඳින්  අවබෝධ  කරගෙන සිටි දේශපාලනඥයා ජනතාවට අලුත්ම පොරොන්දුවක් දුන්නේය. 


“මම ඡන්දෙ ඉල්ලන අවසාන අවස්ථාව තමයි  මේක. මාව  අවුරුදු තිහ හතලිහක් පාර්ලිමේන්තුවට යැවූ තමුන්නාන්සේලා  අතරින් තරුණයකුට හෝ තරුණියකට මම අවස්ථාව දීලා මම ඊළඟ වතාවේ දේශපාලනයෙන් විශ්‍රාම යනවා” යැයි දේශපාලනඥයා ජනතාව ඉදිරියේ සංවේදී වෙමින් ප්‍රකාශ කළේය. 


අවසන් නාඩිය වැටෙනතුරුත් දේශපාලනයේ නිරත මෙවන් රටක තම දේශපාලනඥයා අගය කළ යුතු අයෙකු බව ජනතාව තේරුම් ගත්තේ විශ්‍රාම යාමටත් වඩා සාමාන්‍ය ජනතාවගෙන් කෙනෙකුට තම තනතුර දීමට දේශපාලනඥයා අවංකවීම පිළිබඳවය. අවසන් වතාවේදී පෙරටත් වඩා ඉහළින් දේශපාලනඥයා ජයග්‍රහණය කළේ ජනතාව ඔහුට දැක්වූ ඉහළ ප්‍රතිචාරය නිසාය. 


වයෝවෘද්ධව සිටි දේශපාලනඥයා පොරොන්ද වූ පරිදිම ඊළඟ මැතිවරණයට තරග නොකළ අතර ප්‍රදේශයේ සංවිධායකකම පුරප්පාඩු විය. සාමාන්‍ය ජනතාව අතුරින්  පත්වෙන සංවිධායකයා කවුරුන්දැයි ජනතාව බලා සිටියදීම එම තනතුරට පත්වූයේ අමුත්තෙකි. ඒ විදේශයක සිට මෙරටට පැමිණි දේශපාලකයාගේ පුත්‍රයාය. දේශපාලනඥයා තමාට කොකා පෙන්වූ බව ජනතාවට තේරුණේ පසුවය. 


පියාගෙන් පසුව දේශපාලනයට පිවිසි දේශපාලන පුතා අද යහපාලන රජයේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි. යහපාලන රජය පත්වී මාස ගණනක් ගතවනවිට මෙම දේශපාලනඥයා කළේ තම බල ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක තිබූ පොල් ගස් සිය ගණනක් කපා ගැනීමයි. වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීම යැයි පවසමින් එම ඉඩමේ අක්කර විස්සක ප්‍රමාණයක හොඳින් වැඩී තිබූ පොල්ගස් සිය ගණනක් තම හෙන්චයියන් යොදා කපාදැමූ අතර ඒවා අලෙවි කර දේශපාලනඥයා හොඳ මුදලක් තම සාක්කුවට දමා ගත්තේය.  පොල්ගස් කපා දමා මුඩු ඉඩමක් බවට පත්ව ඇති අදාළ රජයේ ඉඩම අදටත්  පවතින්නේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමකින් තොරවය. 


යහපාලන රජය මගින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාමීය මාර්ග ඉදිකිරීම හා සංවර්ධනයේදී මෙම යහපාලන දේශපාලනඥයා තම හිතවතුන්ට එහි කොන්ත්‍රාත් ලබාදෙන අතර ඒවා කිසිදු ප්‍රමිතියකින්  ඉදි නොකරන බව කියැවේ. අනුමත නොවූ මාර්ගවල සංවර්ධනයේදී ඒවාට මුදල් වෙන් කිරීමට ප්‍රාදේශීය ලේකම් ප්‍රතික්ෂේප කළ ද දේශපාලන බලපෑම් කර එම මාර්ගවලට මුදල් වෙන්කරගෙන තම හිතවතුන්ට මාර්ග කොන්ත්‍රාත් ලබාදීමට ද දේශපාලනඥයා  කටයුතු කළේය. 


දේශපාලනඥයා නියෝජනය කරන ප්‍රදේශයේ පසුගියදා කසළ ගැටලුවක් නිර්මාණය වූ අතර අදාළ ප්‍රදේශයට කසළ ගෙන ඒමට එරෙහිව ජනතාව දැඩි විරෝධයක් එල්ල කළහ. ජනතා විරෝධය මැද වුවත්  කසළ මෙම ප්‍රදේශයට රැගෙන ආ අතර එය දින ගණනාවක් සිදුවිය. ජනතා විරෝධය හමුවේ කසළ ගැටලුව අවසන් වුවද ඒ සඳහා අනුබල දුන් දේශපාලනඥයා පසුව තමන් විසින්ම පෝස්ටරයක්  ගසා ප්‍රදේශයේ ප්‍රදර්ශනය කළේය. එහි සඳහන්ව තිබුණේ “කසළ ගැටලුව නිරාකරණය කළ දේශපාලනඥයාට අපගේ ප්‍රණාමය” යනුවෙනි. 


පසුගිය රජය සමයේදීත් මෙම දේශපාලනඥයාට  රජයේ ආරක්ෂාව සැපයිණි. ඒ මහ පළාත් සභාව  නියෝජනය කරමින් සිටියදීය. පසුගිය රජය සමයේදී තම ඥාතියෙකු එම රජයේ තනතුරක් දරමින් සිටි නිසා දේශපාලනඥයාට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවන ලෙසට දේශපාලන ඥාතියාගේ ඉල්ලීම මත එය ඉටුවී තිබිණි. 


දේශපාලනය යනු මෙයම මිස වෙනකක් නොවේ. දේශපාලනය වෙනුවෙන් ගමේ ගොඬේ ජනතාව ගහමරා ගත්තත් දේශපාලනයේදී හොරකම් කිරීමට, වරප්‍රසාද ලැබීමට හා බලය අනිසිලෙස යොදවා ගැනීමට දේශපාලනඥයාට බාධාවක් නොමැත. අපේ රජයක් පත්වූ විගස හොරුන් අල්ලනවා යැයි පාරම්බෑවත් කිසිදු අලුත් රජයක් විසින් පැවැති රජයේ හොරුන් ඇල්ලීම සිදු නොවන්නේ මෙම කාරණාව නිසාය. 


පසුගිය කාලයේදී හොරකම් කළවුන් සොය සොයා සිටින්නට දේශපාලනඥයාට විවේකයක් හෝ ඉස්පාසුවක් නැත. මන්ද තමාගේ මල්ල පුරවා ගන්නේ කෙසේද  යන්නට ඔවුන් ලහි ලහියේ සැලසුම් හදමින් සිටින  නිසාය.

ආලවකයා



අදහස් (0)

අක්කර විස්සක රජයේ ඉඩමේ පොල්ගස් කපාගත් දේශපාලකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site