(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)
කෑගල්ලේ පැවති ජන රැළියකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි විශේෂ අවශ්‍යතා සහිත තරුණියක් හෙම්මාතගම ඇල්පිටිය බලවත්ගම ප‍්‍රදේශයෙදී කැළෑවකට රැගෙන ගොස් අපයෝජනය කළ බව කියන තරුණයකු අද(08) අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙම්මාතගම ඇල්පිටිය ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
හෙම්මාතගම ඇල්පිටිය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි එම තරුණිය ඊයේ (07) රාත‍්‍රියේ සිය ඥාතිවරියක සමඟ ජන රැළියකට බස් රථයකින් ගොස්, ආපසු පැමිණෙමින් සිටියදී බස් රථයේ සිටි තරුණයකු ඇයව රථයෙන් බස්සවා කැළයකට ගෙන ගොස් දූෂණය කර ඇත. සැකකරුද එම රැළියට සහභාගී වී ඇතැයි අනාවරණය වී තිබේ.
සිද්ධිය පිළිබඳ අතවරයට ලක් වූ තරුණියගේ පවුලේ සාමාජිකයන් හෙම්මාතගම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරුණිය අද පස්වරුවේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
හෙම්මාතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජන රැළියකට ගොස් එමින් සිටි තරුණියව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට
mahinda Friday, 08 November 2019 01:02 PM
මොන පක්ෂේ වුනත් කෙලින්ම මරණ දඬුවම දෙන්න ඕනේ.
ranjith Friday, 08 November 2019 02:08 PM
මේ රැස්වීම් වලට යන්නේ මේ වගේ අයද?
saman Saturday, 09 November 2019 03:10 AM
පොහොට්ටු පක්ෂේද?