අඩි 24 ක් උස, අඩි 12 පළල මෙම උළුවස්ස සහිත දොර දොඩන්දූව, පිංකන්ද, කටුකොළිහ ශ්‍රී ඛෙත්තාරාම මහා විහාරස්ථානයේදී දැකගත හැකිය. ලංකාවේ විශාලතම ලී උළුවස්ස ලෙස බොහෝ දෙනා හඳුන්වන මෙම උළුවස්ස එම විහාරස්ථ බුද්ධ මන්දිරයේ ඉදිරිපස දොරටුවට තබා ඇත.
වසර 200 තරම් පැරණි මෙම උළුවස්ස සහිත දොර දැවැන්ත බුරුත ගසකින් නිර්මාණය කර ඇති බව වත්මන් විහාරාධිපති ඇල්පිටියේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ. එවකට විහාරාධිපතිව වැඩි විසූ කටුකොළිහේ සද්ධවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි හික්කඩුව, නාරිගම විසූ ජී.ඩබ්. සිරිතුංග නමැති වඩු මහතා මෙය නිර්මාණය කළ බවට දොර මත කැටයම් කර ඇත. සරනේරු, යතුරු තහඩු ආදිය නිර්මාණය කර තිබෙන්නේ හික්කඩුව, ආරච්චිකන්දේ විසූ වාස්තු ශිල්පී ඊ.එම්. සන්දිරිස්හාමි නමැත්තාය.
මෙම උළුවස්සට දොර පියන් හතරක් සවිකර තිබේ. අඟල් 08 උස අඟල් 02 ඝකතම පිත්තල සරනේරු 28 කින් දොර පියන් සවිකර තිබේ.
රත්ගම ගාමිණී මහදුර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෙවන් අගනා නිර්මාණයන් තිබෙන බව සැමදෙනාහට දැනගන්න්ට සැලැස්ම ගැන "ලංකාදීප " ආයතනයේ සැමට ගොඩාක් ස්තූති කරනවා.
මෙවැනි වටිනා.. අගනා කලා නිර්මාණ රටට ලෝකයට දැක ගැනීමට ලිපි සකස් කරන උතුමානන් සැමට මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි... තවත් මෙවන් සැඟවී ඇති වටිනා අගනා කලා නිර්මාණ සොයා සැමට දැකබලා ගැනීමට සැලැස්වීමට ශක්තිය වාසනාව ලැබේවා.......