IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


හතර කේන්දරය පාළුවීම ගැන බිය විය යුතු නැත

කේන්දරයක ලග්නය හතර වැන්න හත් වැන්න දහ වැන්න යන ස්ථානවල ග්‍රහයන් තැන්පත් නොවූ විට හතර කේන්දරය පාළු යයි නිගමනය වේ.
  
ලග්නයෙන් ජන්මියාගේ හිස ශරීරය ආත්ම ශක්තිය පෞරුෂත්වය ගතිපැවතුම් හා මුළු ජීවිතය ද හතර වැන්නෙන් මව පපුව හෘදය ගතිගුණ ගේදොර ඉඩකඩම් හා සිතුම් පැතුම්ද හත් වන්නෙන් විවාහය සහකරුවන් හවුල් ව්‍යාපාර හා ආයුෂය ගැන ද දහ වැන්නෙන් පිය උරුමය රැකියාව උසස් තනතුරු ක්‍රියාකාරිත්වය ප්‍රසිද්ධිය වැනි දේ ගැන ද කියැවෙයි.  


එසේම ජන්මියෙකුගේ චතුර්විධ සම්පත්තීන් වශයෙන් අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යනුවෙන් ද විග්‍රහ වෙයි. 

 
පහ සහ නවය ස්ථාන කේන්දරයක ප්‍රබල ස්ථාන වේ. පස් වැන්නෙන් භාග්‍යය සහකරු හෝ සහකාරියගේ වාසනාව දරුවන් ප්‍රීතිය තෘප්තිය චිත්තය ඉගෙනීම හා ඥාන ශක්තිය ගැනද නව වැන්නෙන් පියා මුනුපුරා පෙර පින්බලය ආගමික භක්තිය උසස් අධ්‍යාපනය හා ශරීරයේ කලවා ආශ්‍රිත ප්‍රදේශය වැනි දේ පෙන්නුම් කරන ධර්මස්ථානය වේ.  


ලග්නය පස් වැන්න නව වැන්න අධිපති ග්‍රහයන් පස් වැන්න හෝ නව වැන්නේ තැන්පත් නම් කේන්දරයේ පාළුව නැතිවී යයි.  


1, 4, 7, 10 යන ස්ථානයන් පාළුවීම ගැන විමසීමේ දී එම භාව අධිපතීන් 5, 9 යන ස්ථානයක උච්චව ස්වක්ෂේත්‍රව පිහිටා ඇත්නම් ද එම පාළුව මගහැරී යයි.  


මේ සම්බන්ධව තවදුරටත් සලකා බැලීමේ දී ලග්න කේන්දරයේ හතර කේන්දරය පාළුව තිබුණත් නවාංශක කේන්දරයේ 1, 4, 7, 10 ස්ථාන හිස් නොවී තිබේ නම් දෝෂ නොවන බවට මතයක් තිබෙන අතර හතර කේන්දරය පාළුවුවත් උපතේ දී සඳු සිටි රාශියෙන් 4, 7, 10 යන ස්ථාන වලින් එක ස්ථානයක ග්‍රහයන් සිටීනම් අශුභ නැතැයි තවත් මතයකි.  


දෙක හය අට දොළහ යන ස්ථානවල සියලුම ග්‍රහයන් තැන්පත් වූ විට සිංහාසන නම් ප්‍රබල ග්‍රහ යෝගය යෙදේ. එම යෝගය යෙදුන ජන්මියා රජෙකුට හා සමාන බලවත් වාසනාවන්තයෙකු වේ. මේ නිසා හතර කේන්දරය පාළු යයි බැලූ බැල්මට පෙනෙන කේන්දර හිමියන් ගැන අවාසනාවන්තයයි සිතීම නුසුදුසුය.  


අප අසල්වැසි රටේ ඉන්දියාවේ ශ්‍රී ජවහර්ලාල් නේරු අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැති ධූරය හෙබවූයේ මොරාජ් දේසායි මහතාය. පසුකලක එතුමා ඉන්දියාවේ අගමැති ධූරයට ද පත් විය.  


1896 පෙබරවාරි මස 29 දින උපත ලබා ඇති එතුමාගේ කේන්දරය මෙසේය.  


මෙහි ලග්නාධිපති බුධ සමග ශුක්‍ර යෝගව සිටී. බුධ ශුක්‍ර යෝගවූ විට ප්‍රිය කරනා ඇත්තෙකි. තීක්ෂණ බුද්ධිය ලබයි. කථිකත්වය ඇති වේ. උච්චව බලවත් වූ ගුරුගේ සත්වන දෘෂ්ටිය ලැබීමත් භාග්‍ය ස්ථානය වූ නව වැන්නාධිපති ශනි උච්චව තිබීමත් ආදී හේතූන් නිසාද ගුරුගේ 9 වැනි දෘෂ්ටිය 10 වැන්නට පතිතවීමත් ආදී කරුණු නිසා මෙහි හතර කේන්දරය පාළුයයි ගණන් ගැනීම නුසුදුසුය. මේ නිසා බැලූ බැල්මට හතර කේන්දරය පාළු බවක් පෙනුණ තරමින් හතර කේන්දරය පාළුයයි නිගමනයකට එළඹීම නොකළමනාය.  

 

 

 

 


ජ්‍යොතිෂ ශාස්ත්‍රසූරී ඩී.බී. වීරතුංග  

 



අදහස් (0)

හතර කේන්දරය පාළුවීම ගැන බිය විය යුතු නැත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site