ඉතිහාසයේ සැඟවුණු කතාවක්
පම්බාන් දුම්රිය පාලම
මුහුද මැදින් බිහිසුණු දුම්රිය ගමන
ඉන්දියාවේ මදුරාසි නුවර සිට ලංකාවේ කොළඹ දක්වා තැපැල් ප්‍රවාහන කටයුතු දුම්රියෙන් කළ යුගයක් අතීතයේ විය. මෙම තැපැල් ප්‍රවාහනය ආරම්භ කළේ දෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසිනි. වසර සියයකට ආසන්න කාලයක් දෙරට අතර දිනපතා ධාවනය වූ තැපැල් දුම්රිය ගමන අතරමග නතර වුණේ මහා සුළි සුළඟකට හසුවීමෙනි.
මෙම මහා සුළි සුළඟ 1964 දී සිදුවිය. සුළිසුළගෙන් මියගිය ගණන 1800ක් ලෙස සැලකේ. එයින් වැඩිම හානිය සිදුවුණේ ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය ස්ථානයටය.
ලංකාවේ ද මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල නිවාස පන්දාහක් හා ධීවර බෝට්ටු 750ක් විනාශ විය. මුහුදු ගොස් සිටි ලාංකික ධීවරයින් 350 දෙනකු සඳහටම අතුරුදන් වූ අතර ලංකාවට වූ ආර්ථික හානිය රුපියල් මිලියන 200ක් බව සඳහන්ය. වැඩිම හානිය සිදුවුණේ මන්නාරම් දිසාවේ වී වගාවටය. මෙමගින් අඩුම තරමින් ලාංකිකයන් දහසක්වත් මියයන්නට ඇති බව එකල ගණන් බලා තිබිණි.
රාවේෂ්වරම් සුළිසුළඟ නමින් ප්‍රකට වූ මෙම සුළිසුළඟ ආරම්භ වූයේ දකුණු අන්දමන් දූපත් දෙසින් 1964 දෙසැම්බර් 17 වැනිදාය. එහි වේගවත්ම ප්‍රවාහය 19 වැනිදා වන විට ඇරඹී තිබූ අතර වේගය පැයට කිලෝමීටර් 400ක් විය. එය ඉන්දියාවේ ධනුෂ්කොඩි, රාමේෂ්වරම් අතරින් හමා ආවේ ලංකාවේ වවුනියාව දෙසටය.
අතරමඟ තිබූ නිවාස, දේවස්ථාන, දුම්රිය ස්ථාන හා මුහුද මැදින් වැටී තිබූ දෙරට අතර දුම්රිය මාර්ගය හා ලංකාවේ තලෙයි මන්නාරම දුම්රිය ස්ථානයද විනාශ කරමින් සුළි සුළඟ 22 වැනිදා වන විට වවුනියාවෙන් නිමවිය. වවුනියාවට එන විට සුළිසුළගේ වේගය ගණනය කර ඇත්තේ පැයට කිලෝමීටර් 280ක් ලෙසය.
ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය නගරයට මීටර් හතක් (7ක්) උස මුහුදු රළ ප්‍රවාහයකින් පහර දුන් බව වාර්තාවල සඳහන්ය. අඩි 21ක් පමණ උස මෙම මහා මුහුදු රළ සුනාමි රළපහරක් මෙන් ශක්තිමත්ය. දුම්රිය පාර හා දුම්රිය පෙට්ටි සීසීකඩ ගලවා දමමින් නිවාස හා ගොඩනැගිලි බිමට සමතලා කරමින් සුළිසුළඟ හමායන්නේ ඉන්දියාව හා ලංකාව අතර මුහුද දිගේ පිහිටුවා තිබූ දුම්රිය පාර ද ගලවා ඉවත් කරමිනි. ඉන්දියාවේ පම්බාන් දූපත මැදින් ඉදිකර තිබූ ලොව අනතුරුදායක දුම්රිය මඟක් ලෙස සැලකුණු දුම්රිය මඟ මුහුදට ගසාගෙන ගියේය. දුම්රිය පොළේ සිටි මගීන් 150ක් පමණ මුහුදට ගසාගෙන ගොස් මියගිය බවද සඳහන්ය.
ඒ වන විට එහි නවතා තිබූ දුම්රියක් සුන්බුන් වී ගියේ එහි සිටි මගීන් 200 දෙනකු සමඟය.
ලංකාවේ මන්නාරම් දූපතේ තලේ මන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි තුඩුවට මුහුදෙන් ඇති දුර කිලෝමීටර් 29ක් හෙවත් සැතපුම් 18කි.
චෙන්නායි නුවර සිට ධනුෂ්කොඩිය දක්වා ඉන්දිය තැපැල් දුම්රියට ඒමට ගත වූ කාලය පැය 21ක් විය. එතැන් සිට තැපැල් හා මගීන් තලෙයිමන්නාරම දක්වා ගෙන එන්නේ පෙරියක් හෙවත් යාත්‍රාවක් මගිනි.
සුළිසුළඟින් පෙරලී ගිය දුම්රිය.
ධනුස්කොඩියේදී මුහුදට පෙරලුණු දුම්රිය.
ධනුස්කොඩි පම්බාන් දුම්රියපොළට ආ දුම්රියේ මගීන් යාත්‍රාවට (පෙරිය) නැගීමට පෙර.
1950 සහ 1960 දශකවල ඉන්දිය ජනයා අතර ලංකාවට එන මෙම දුම්රිය ගමන අතිශය ජනප්‍රිය වූ බව පිළිගැනෙයි. ධනුස්කොඩියේ සිට තලේමන්නාරම් ජැටියට ඒමට ගත වූ කාලය පැය දෙකහමාරක් පමණ වූ බවද මෙය සුන්දර මුහුදු ගමනක් බවද සංචාරකයන් අතර ජනප්‍රියව පැවතිණි.
ඉන්දු- ලංකා එක්ස්ප්‍රස් නමින් මුලදී නම්කර තිබූ තැපැල් දුම්රිය සේවය රාමේෂ්වරම් ප්‍රදේශය විනාශ කළ සුළි සුළඟින් පසු යළි නම් කෙරුණේ රාමේෂ්වරම් එක්ස්ප්‍රස් හැටියටය. ඒ යටතේ චෙන්නායි නුවර සිට රාමේෂ්වරම දක්වා පැය 21ක දුම්රිය ගමන පැය 12ක ගමනක් දක්වා කෙටි විය.
මෙම දුම්රිය ගමනේ සුන්දර මෙන්ම බිහිසුණු ස්ථානයක් ඇත්තේ ඉන්දීය කොටසේ ධනුස්කොඩි අසල පම්බාන් නමැති දූපත යා කරමින් තනා ඇති දුම්රිය පාලමේය. තනිකරම මුහුද මැදින් නැංවූ කණු කිහිපයක් මත එලා ඇති පාලම මත ඇත්තේ දුම්රිය මාර්ගය පමණකි. මෙහි ඇත්තේ එක් දුම්රිය මාර්ගයක් පමණය. යම් හෙයකින් දුම්රිය කාර්මික දෝෂයකට වුවහොත් ආපදා දුම්රියකට එහි යෑමට අමතර මාර්ගයක්ද නැත. නඩත්තු කටයුතු කළ යුත්තේ මුහුද මැද සිහින් කොන්දක් සේ ඇති එම දුම්රිය මාර්ගයෙන්ම පමණකි. එයට මඳක් ඈතින් කණු උඩ ගොඩනැංවූ මහා මාර්ගයක්ද වෙයි. නිල්වන් සමුද්‍රය උඩින් මෙම මාර්ගය ඉංග්‍රීසි පාලකයන් විසින් ඉදිකරවන ලද්දේ 1906-1914 අතරය.
වසර සියයක් ගෙවූවද සුළු නඩත්තු කිහිපයක් හැරුණුවිට පාලම් දෙකේ ශක්තිය ඉහළ මට්ටමේ පවතී. දුම්රිය පාරේ යන අයට දුම්රියේ දෙපැත්තේ කවර කවුළුවකින් බැලුවත් පෙනෙන්නේ අනන්තය තෙක් විහිදුණු මහා සමුද්‍රය පමණි. එහෙත් 1914 සිට ලක්‍ෂ ගණනක් ජනයා මෙම පාලම් දෙක මතින් රාමේෂ්වරමේ ඇති පූජස්ථානයක් කරා ගමන් කළහ.
අදද ලොව බිහිසුණුම දුම්රිය මාර්ගයක් ලෙස ධනුස්කොඩි පම්බාන් සමුද්‍ර දුම්රිය මාර්ගය සැලකේ. දෙරටම අල්ලාගෙන සිටි ඉංග්‍රීසින් දෙරට යාකරන දුම්රිය මාර්ගයක් ගැන සැලසුම් කළේ 1903දීය.
1906 දී ලංකාවේ මැදවච්චියේ තිබූ දුම්රිය මග මන්නාරමටවත් එතැනින් පාලමක් මගින් තලේමන්නාරම් තොට දක්වාත් දිගු කරන ලද අතර එලෙසම ඉන්දියාවේ ප්‍රධාන ගොඩබිමේ ධනුස්කොඩියේ සිට රාමේෂ්වරම් දූපත දක්වා දුම්රිය මාර්ගයක් උස්කඳු මත ඉදිව තිබේ.
එතැන් සිට ලංකා ඉන්දියා දෙරට වෙන්කර වැලි පරයේ එරට සීමාව වන පම්බාන් දූපත යාකරමින් සැතපුම් දෙකක් දිග දුම්රිය පාරක් මුහුද මැදින් ඉදිවිය. දෙපැත්තේම මාර්ග අන්තයේ මුහුද යටට ශක්තිමත් කණු ඔබ්බවා ඉදිකළ ජැටියක්ද දුම්රිය නැවැත්වීමට වේදිකාවක්ද ඉදිවිය.
1914 දී මෙම දුම්රිය සේවාවේ මංගල ගමන ඇරඹිණි. එතැන් සිට ලංකාවට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන ඒමටද ලංකාවට අා මගීන්ගේ ආපසු ගමනටද දෙරට අතර භාණ්ඩ හුවමාරුවටද මෙම දුම්රිය මග යොදා ගත්තේය.
1903-1906 අතර සමුද්‍ර දුම්රිය පාරේ වැඩ නිම කරද්දී.
පෙරලුණු දුම්රිය මැදිරියක් යළි පීලිගත කරමින්
1914 දී බ්‍රිතාන්‍ය නිලධාරින් මංගල දුම්රිය ගමනට එක් වී තලේමන්නාරමේදී.
බ්‍රිතාන්‍ය පාලන කාලයේ වතුර කෝච්චිය නම් දුම්රියක් ලංකා කොටසේ ධාවනය වූ බව කියති. එයින් කෙරුණේ මන්නාරමේ තිබූ ළිඳකින් වවුනියා මැදවච්චිය ප්‍රදේශයේ ජනතාවට දුම්රිය ගැල් මගින් ජලය බෙදා හැරීමයි.
පම්බාන් දූපත යනු ඉන්දියාව හා ලංකාව අතර පිහිටි කොරල් හා වැලිපර දූපත් පෙළේ ඉන්දීය සීමාවේ ආරම්භක දූපතයි. ලංකාව හා ඉන්දියාව අතර ගමනේ අතරමැදි (හුවමාරු) දුම්රිය පොළ ලෙස පම්බාන් දූපත මගී අවශ්‍යතා රැසකින් පිරී තිබිණි. දෙරට අතර ගමන් කරන මගීන්ට බඩුමිලදී ගතහැකි වෙළෙඳ මධ්‍යස්ථානයක්, රේගු කාර්යාලයක් තැපැල් සහ විදුලි පණිවිඩ හුවමාරු ම්‍යස්ථානයක්, වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක්, දුම්රිය අධිකාරියට අයත් කුඩා රෝහලක් මෙම අතරමැදි නගරයේ තිබිණි. මෙම දූපත් නගරය මුළුමනින්ම මුහුදට ගසාගෙන ගිය සුළි සුළඟ ඒ අවට ජනතාවට අමු සොහොනක්ද ඉදිකර දුන්නේය.
1964 මහා සුළිසුළඟින් පම්බාන් දුම්රිය මග හා පම්බාන් දුම්රිය ස්ථානය විනාශ වී එහි තිබූ දුම්රිය පෙට්ටි ඇඹරී ෙපාඩි වී ගියද වසර 5ක් තුළ දුම්රිය මග යළි තැනීමට ඉන්දිය ඉංජිනේරුවන්ට පුළුවන් විය. පම්බාන් සමුද්‍ර දුම්රිය පාරේ තිබූ සුවිසල් පාලම අලුත්වැඩියා කිරීම දින 46ක් තුළ කළ බවද සටහන්ව තිබේ. එසේ වූවත් ලංකාව හා ඉන්දියාව අතර තැපැල් දුම්රිය වූ ඉන්දියා කළම්බු එක්ස්ප්‍රස් දුම්රිය විනාශ වී ගිය පම්බාන් දුම්රිය ස්ථානය අතහැර එයට වඩා දුරින් පිහිටි රාමේෂ්වරම් දුම්රිය ස්ථානය දක්වා මගීන් හා තැපැල් රැගෙන ආවේය. එය යළිත් පම්බාන් වෙත ගමන් කළේ නැත. මේ නිසා ඉන්දියාව හා ලංකාව අතර ගමන් ගන්නා මගීන්ට දුම්රියෙන් බැස යැත්‍රාවකින් යා යුතු දුර ප්‍රමාණය වැඩි විය.
මදුරාසියේ (චෙන්නායි) සිට කොළඹටත් අතරමගදී ටිකට් නොගෙන දුම්රියෙන් හා යාත්‍රාවෙන් ගමන් කළ හැකි වීම මෙම දුම්රිය ගමනේ විශේෂත්වයක් විය. කොළඹ සිට මදුරාසියටද එය එසේම සිදු විය.
රාමේෂ්වරම දක්වා දුම්රිය තැපෑල යළි ක්‍රියාත්මක වීමෙන් පසුව 1985 මගී දක්වා නෞකාව ක්‍රියාත්මක විය. එහෙත් බෙදුම්වාදී ත්‍රස්තවාදීන් උතුරු ප්‍රදේශය තම ග්‍රහණයට ගනිමින් සිටි 1985 වසර වන විට ඉන්දියාවේ සිට මෙහි එන ජනතාව නතර කිරීමේ වුවමනාවද මතුව තිබිණි. එයට හේතුව වූයේ මගීන්ට මුවා වී ත්‍රස්තවාදීන් සහ අවි ගෙනඒමට ඉඩ තිබීමය. මේ නිසා වසර 70කට ආසන්න කාලයක් දෙරට යාකළ දුම්රිය ගමන 1985 දී නවතා දැමිණි.
ප්‍රේමකීර්ති රණතුංග
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
සුළිසුළඟට ගහගෙන ගිය ඉන්දු-ලංකා මුහුදු තැපෑල