IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිහින පලාපළ

 

සිහිනෙන් දකින දේවල් වලින් ප්‍රකාශ වෙන සහ හැඟ​ෙවන යම් කිසි සත්‍යයක් තිබෙන බව විශ්වාස කරනවා. ඉන්දියාවේ විස භාරත නම් ඍෂිවරයා විසින් සිහින පිළිබඳව ප්‍රකාශ කර ඇති දේ බොහෝයි. මේ ඉන් බිඳක්. සුබ සිහිනයක් දුටුවොත් එය කිසිවෙකුට නොකියා රහසක් ලෙස සිතෙහි සඟවා ගන්න. සුබ ප්‍රතිඵල ලැබේ. අසුබ සිහිනයක් දුටුවොත් කිසිකෙනෙකු සමග කතා නොකර වතුර වීදුරුවක් ගෙන ගෙයින් පිටතට ගොස් කාරා ​ෙකළ ගසා වතුර වීදුරුවේ ජලයෙන් කට සෝදා වතුර බොන්න. ඉන් පසු තමන් දුටු සිහිනය සැමට කියන්න. එවිට අශුභ පල නැතිවේ.
   
දේවතාවියක් සිහිනෙන් දුටුවොත් ඉතා ශුභයි. ඔබ කරන්න බලාපොරොත්තු වන සියලු කටයුතු ඉතා සාර්ථකව කරන්න හැකියාව ලැබෙන බවත් ඒවායින් සාර්ථක ප්‍රතිඵල ඇති වන බවත් පෙන්වයි.   
ඉතා ප්‍රීය මනාප ස්ත්‍රියක් හෝ කණ්ඩායමක් සිහිනෙන් දකින්න ලැබීම පෙන්වන්නේ ජීවිතයේ ප්‍රීතිය සතුට වාසනාව උදා වන බවයි.   


නාටිකාංගනාවක් හෝ නිළියක් සිහිනෙන් දැකීම අශුභයි. එනම් එයින් පෙන්නුම් කරන්නේ තමාට හිතවත් අයකු හේතු කොට ගෙන පාඩුවක් ​ෙහා් අලාභයක් ඇති වන බවය.   


සිය දිවි නසා ගන්නා ස්ත්‍රීයක් සිහිනෙන් දැකීම හේතු කොට ගෙන ඔබට දැන්වීමට ඉඟිකර ඇත්තේ ඔබගේ සතුරන් ඔබට පහර දීමට සැලසුම් කරන බවයි. එබැවින් ප්‍රවේශම් විය යුතුයි.   


අනතුරකට පත් වූ ස්ත්‍රීයක් දුටු​ෙව් නම් ඔබගේ දුර බැහැරක සිටින නෑදැයකුට අනතුරක් සිදු වන බවයි.   


පවුලේම ස්ත්‍රියක් මරනවා දුටුවොත් එයින් හැඟවෙන්නේ ඔබේ පවුලේ කෙනෙකු හදිසි අනතුරකට ලක් වෙන බවයි. එබැවින් මේ ඔබ අනෙක් අයට දැන්වීමෙන් පවුලේ අයට යහපතක් උදා කර ගත හැක.   
ස්ත්‍රියක් දිය නානවා දැකීමෙන් ඔබට සහ පවුලේ අයට වාසනාව ළඟදී උදා වන බව පෙන්නුම් කිරීමකි.   


නිරුවත් ස්ත්‍රියක් සිහිනෙන් දුටුවොත් සතුටුදායක ආරංචියක් ඇසීමට ලැබෙන බවත් ඒ හේතුවෙන් තමාට ද වාසි අත්වන බව හඟවයි.   


දරුවකු වදන ස්ත්‍රියක් දුටුවොත් දින හතක් යාමට පෙර තමාට ධන ධාන්‍ය මිල මුදල් වැනි විශාල ලාභයක් ලැබෙන බව පෙන්නුම් කරයි.   


ස්ත්‍රියකගේ පියයුරු දුටුවොත් ප්‍රීති දායක ආරංචියක් ඇසීමට ලැබෙන බව පෙන්නුම් කිරීමකි.   


අවලකෂණ ස්ත්‍රියක් දුටු​ෙවාත් ඔබේ නිවසේ යක්ෂ භූත ප්‍රේත දෝෂ ඇති වන බවත් පෙන්වයි.   


ස්ත්‍රීයක් සමග මුදල් ගොඩාක් දුටුවොත් ඔබගේ ධන ධාන්‍ය විනාශ වී යන බවත් ඔබ ඒ හේතුවෙන් අසීරුතාවකට පත් වන බවත් හැඟවීමකි.   


රෝගී කාන්තාවක් සිහිනෙන් දැක්කේ නම් ස්වාභාවික විපතක් හේතුවෙන් ඔබ මහත් කරදයකට පත් වන බවත් පෙන්වයි.   


ස්ත්‍රියක් මරණවා දුටුවොත් ඔබගේ සතුරාගෙන් ඔබට කරදරයක් ඇති වන බව පෙන්නුම් කරයි.   


ස්ත්‍රියක් ඔබට ආහාරයක් දෙනවා දුටුවොත් එය ඉතා ප්‍රේමණීය සතුටක් ඇති වන බවට සලකුණකි.  

 

 

 

 


ජ්‍යොතිෂවේදී 
නිශාන්ත විජේසේන
තුත්තිරිහේන වත්ත
මීරිගම පාර
වේවැල්දෙණිය

 



අදහස් (0)

සිහින පලාපළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site