IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සූර්ය දේවතාවිය සමඟ රැයක් පහන් කරන ජපාන අධිරාජයා

 

ජපානයේ නරුහිතෝ අධිරාජයා මේ වසරේ වසන්තයේ දී අධිරාජ ධුරයට පත් වුවත්, එම ධුරයට පත්වීම සම්පූර්ණ කිරීම සඳහා තවත් එක් අපූරු චාරිත්‍රයක් ඉටු කිරීමට බැඳී සිටියි. ලීයෙන් තැනූ කුටියක් තුළ සූර්ය දේවතාවිය සමඟ රැයක් පහන් කිරීම යනුවෙන් එම චාරිත්‍රය හැඳින්වේ. දයිජෝසායි යනුවෙන් හැඳින්වෙන මෙම චාරිත්‍රය අමතෙරාසු ඔකිමාකි යනුවෙන් හඳුන්වන සූර්ය දේවතාවිය කේන්ද්‍ර කරගත්තකි. ජපානයේ සාම්ප්‍රදායික විශ්වාසය එම රජ පෙළපත සූර්ය දේවතාවියගෙන් පැවත එන බවයි. 


මෙම ඉපැරණි චාරිත්‍රය කොමියුනිස්ට්වරුන්ගේ මෙන්ම කිතුනු බැතිමතුන්ගේ ද දැඩි විවේචනයට ලක්වූවක් වන අතර චාරිත්‍රය සඳහා ජපන් යෙන් බිලියන 2.7ක් එනම් ඇමරිකන් ඩොලර් මිලියන 25ක් වැය වේ. මධ්‍යම රජය විසින් ගෙවන මෙම ගාස්තුවට එරෙහිව නඩු කිහිපයක්ම වැටී ඇත. දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ ජපානයේ පාසල් පෙළ පොත්වල සඳහන් වූයේ අධිරාජයා දේවතාවෙක් බවය. කටකතාවලින් කියැවුණේ අධිරාජයාට දේවතාවිය සමඟ විවාහක සම්බන්ධතා තිබෙන බවය. 


මෙම චාරිත්‍රයෙන් පසු අධිරාජයා හා හිරු දෙවියන් අතර සබැඳියාව සමරමින් ආහාරපාන බෙදා ගන්නා උත්සවයක් පැවැත්වෙන අතර මුළු චාරිත්‍රය සඳහාම විශාල මුදලක් වැය වෙන බැවින් අධිරාජයාට එය කිරීමට ඔතරම් අවශ්‍ය නම් එය ඔහුගේ පුද්ගලික මුදලින් කළ යුතු යැයි අධිරාජයාගේ බාල සොහොයුරු අකිෂිනෝ කුමරු ද චෝදනා කර සිටියි

 



අදහස් (0)

සූර්ය දේවතාවිය සමඟ රැයක් පහන් කරන ජපාන අධිරාජයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site