IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සුබ යෝග පොකුරක් හිමි මීන ලග්න හිමියෝ

සුබ යෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් මීන ලග්නය ගැන මදක් විමසා බලමු. රාශි මණ්ඩලයේ 12 වැන්න මීන රාශියයි. ස්ත්‍රී රාශියක් වන මෙහි සලකුණ මාළුවාය. මීන ලග්නයෙන් උපන් තැනැත්තා මහත් වූ තොලින් ද මාළුන්ගේ මෙන් ඇස් ඇති කඩිසර ක්‍රියාශීලී ස්ථිර ආලය ඇති අය වේ. යම් ජන්මියකු මෙලොව එළිය දකින අවස්ථාවේදී නැගෙනහිර ක්ෂතිජයෙන් උදාවෙමින් පැවැතියේ මීන රාශිය නම් ඒ අයට හිමි වන ලග්නය මීන ලග්නය.  


රාශි අතර උභය රාශියට මීනය අයත් වන නිසා ඉහත සඳහන් කාරණාවලට අමතරව ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ද පෙන්නුම් කෙරේ. එසේ වන්නේ අදාළ ක්ෂේත්‍රයේ ග්‍රහ පිහිටීම් අනුවයි. එනම් මීන ලග්න හිමියන් තම අරමුණු ගැනීමට හොඳින් හෝ නරකින් ක්‍රියා කරන අවස්ථා තිබෙන නිසාය.  


මීන ලග්නයේ අධිපති ග්‍රහලොව සුරගුරු ලෙස හඳුන්වන බ්‍රහස්පති හෙවත් ගුරුය. සුභ ඵල ප්‍රබලව ලබාදෙන ග්‍රහයින් (මීන ලග්නයට) කුජ නොහොත් අඟහරු හා සඳු යන ග්‍රහයින්ය. බාධක කම්කටොලු මෙන්ම බාධක ගෙන දෙන බාධක ග්‍රහයා වන්නේ බුධයි.  


මීන ලග්නය හා ග්‍රහයින් අතර සම්බන්ධතාව  


මීන ලග්නයට  


1. සිකුරු උච්චයි  
2. බ්‍රහස්පති කේතු ස්වක්ෂේත්‍රයි  
3. රවි, කුජ මිත්‍රයි  
4. සඳු, සෙනසුරු සමයි  
5. බුධ, රාහු නීචයි  


මීන ලග්නාධිපති හා අනෙකුත් ග්‍රහයින් අතර සම්බන්ධතාව ලග්නාධිපති වන ගුරු නොහොත් බ්‍රහස්පතිට  


1. බුධ සහ සිකුරු සතුරු රාශිගතයි.  
2. සෙනසුරු සහ රාහු සමයි. (සම සේ සලකයි)  
3. රවි, සඳු, කුජ, කේතු මිතුරයි.  


කේන්ද්‍රයේ 7 වැන්න මීන ලග්න හිමියන්ගේ බාධක ස්ථානය වේ. මේ අනුව මීන ලග්න හිමියන්ගේ අධිපති බුධගේ බල දුබලතා විවාහයට බලපායි. විවාහය ප්‍රමාදවීම, පෙම් සම්බන්ධතා බිඳ වැටීම තමා අපේක්ෂා කරන සහකරු සහකාරිය නොලැබීම ආදී කරුණු බුධ දුර්වලවූවන්ට අයත් වේ. බුධ බලවත්ව පිහිටියේ (එනම් බුධ උච්ච රාශිගතව, ස්ව ක්ෂේත්‍ර රාශිගතව මිත්‍ර රාශිගතව) සුබ පල ගෙන දේ.  


ඕනෑම කේන්ද්‍රලාභියෙකුට අසුබ ඵල දෙන ග්‍රහයා වන 22 වන දෙර්කාණධිපති 64 දෙර්කාණාධිපති මීන ලග්න හිමියන්ට බලපාන ආකාරයයි. (22 දෙර්කාණාධිපති බලපාන අයුරු)  


1. කටක/සිංහ/කන්‍යා යන නවාංශක හිමි අයට සිකුරු  
2. තුලා වෘශ්චික ධනු යන නවාංශක හිමි අයට සෙනසුරු  
3. මකර කුම්භ මීන වන නවාංශක හිමි අයට බුධ වේ.  


මීන ලග්න හිමියන්ට බලපාන පංච මහා පුරුෂ යෝග ත්‍රිත්වය හා අනෙකුත් යෝග පිළිබඳ කරුණු සොයා බලමු.  


1. ගුරු හංස යෝගය - ලග්නාධිපති ගුරු කේන්ද්‍රයේ 1 හෝ 10 සිටීමෙන්   
2. භද්‍රා යෝගය බුධ ග්‍රහයා කේන්ද්‍රයේ 4 හෝ 7 සිටීමෙන්  
3. මාලවී යෝගය - සිකුරු 1 (ලග්නයේ) සිටීමෙන්  


අනෙකුත් යෝග  


1. 1 රාශියේ බුධ සිකුරු නීච භංග රාජයෝගය යෙදේ.  
2. දෙක, අටවන රාශිවල රවි හා සෙනසුරු සිටීමෙන් නීච භංග රාජ යෝගය යෙදේ.  
3. 5 වැන්නේ, 11 වැන්නේ කුජ, ගුරු ප්‍රබල නීච භංග රාජ යෝගය යෙදේ.  
4. 5 වැන්නේ සඳු සිටීමෙන් කුලීර යෝගය උදා වේ.  
5. 3 වැන්නේ සඳු සිටීමෙන් සුබ සස යෝගය යෙදේ.  
6. සඳු හා ගුරු සංයෝගවීම නිසා ගජකේසරි යෝගය ද උදා වේ.  
7. 5 වැන්නේ හෝ 11 වැන්නේ කුජ, ගුරු සංයෝගවීම නිසා නීචභංග රාජයෝගය උදා වේ. එයම ප්‍රබල සුබ ඵල දෙන ධර්මකර්මාධිපති යෝගය ද වේ.  


මේ අනුව වාසනාවන්ත මීන ලග්න හිමියාට සුබ යෝග පොකුරක් ඇතිවිය හැකි බව මෙයින් පැහැදිලි වනවා පමණක් නොව ඔබට ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරගැනීමට හැකි වනු ඇත.  

කේන්ද්‍රයේ 7 වැන්න මීන ලග්න හිමියන්ගේ බාධක ස්ථානය වේ. මේ අනුව මීන ලග්න හිමියන්ගේ අධිපති බුධගේ බල දුබලතා විවාහයට බලපායි. විවාහය ප්‍රමාදවීම, පෙම් සම්බන්ධතා බිඳ වැටීම තමා අපේක්ෂා කරන සහකරු සහකාරිය නොලැබීම ආදී කරුණු බුධ දුර්වලවූවන්ට අයත් වේ. බුධ බලවත්ව පිහිටියේ (එනම් බුධ උච්ච රාශිගතව, ස්ව ක්ෂේත්‍ර රාශිගතව මිත්‍ර රාශිගතව) සුබ පල ගෙනදේ. ඕනෑම කේන්ද්‍රලාභියෙකුට අසුබ ඵල දෙන ග්‍රහයා වන 22 වන දෙර්කාණධිපති 64 දෙර්කාණාධිපති මීන ලග්න හිමියන්ට බලපාන ආකාරයයි. 


මෙවැනි සුබ යෝග පැවතිය ද මුලින් සඳහන් කළ 22 දෙර්කාණාධිපති සහ 64 දෙර්කාණාධිපති හෝ වෙනත් අසුබ ග්‍රහ දෘෂ්ටි ආදීයට ලක්වූයේ නම් සුබ ඵල අහිමිවීම හෝ භංගවීම පවා ඉඩ තිබේ. මේ අයුරින් මේ යෝගවලට හානියක් නොවන ආකාරයෙන් ග්‍රහයන් සිටියේ නම් මීන ලග්න හිමියා සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු බවට පත් වේ.  
මේ කාරණා වලට අමතරව සඳු දෙපස ග්‍රහයන් නොසිටීම (කේමදාම යෝගය) සඳුගෙන් 6 හෝ 8 වැන්න සිටීම (සටක යෝගය වැනි) පිහිටීම් අසුබ ඵල දෙන ඒවා වේ. මේ නිසා ජීවිතයේ අග භාගයේ දී ආර්ථික පීඩා ගෙනදීමටත් සැපතට බාධා ඇතිවීමටත් හේතු වේ.  


මීන ලග්න හිමියන්ට දැනට ඒරාෂ්ටක අපල නොමැත. නමුත් 9, 10, 11 රාශිවල සඳු සිටීනම් ජන්ම ඒරාෂ්ටක අපල ගෙන දේ.  


මේ ලිපිය කියවන ඔබ මීන ලග්න හිමියෙක් නම් ඔබගේ කේන්ද්‍රය ඔබටම පරීක්ෂා කරගත හැක. එසේ කියවා ඔබ ඔබම පිළිබඳව තොරතුරු දැනගන්නේ නම් මගේ මේ ලිපිය ලිවීමේ අරමුණු ඉටුවනු ඇත.  

 

 

 


විශ්‍රාමලත් විදුහල්පති  
ජ්‍යොතිර්වේදී  
කේ.ඩී.ආර්.පී. රාජකරුණා  
ගුරු සෙවණ ජ්‍යොතිෂ කාර්යාලය  
වතුරවෙල, කොස්ගොඩ.  

 



අදහස් (1)

සුබ යෝග පොකුරක් හිමි මීන ලග්න හිමියෝ

දසනයක Saturday, 09 October 2021 09:16 PM

ඉසරහටද මේ.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 161 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site