IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


සුබ නැකත් විවාහ කටයුතු සඳහා යොදාගන්නේ කොහොමද ?

 

මිනිසා උපතේ සිට ජීවිතයේ සියලු වැදගත් අවස්ථා නැකතට මුල් තැන දී සිදුකරනු ලබයි. සියලු කටයුතුවලට සාදන නැකතට වඩා විවාහයට සම්බන්ධව සාදන නැකත ඉතා වැදගත් වෙයි. සම්ප්‍රදායානුකූලව පැවත එන සිරිත වන්නේ මනාලියගේ උපන් නැකතට ගැළපෙන ලෙස සුබ දිනයක සුබ නැකතක් සාදාගැනීමයි. මෙම නැකතද උපන් නැකතට විපත් ප්‍රත්‍යාරි වඳ යන නැකත්වලට අසු නොවිය යුතුය. එම නැකත සම්පත් ක්ෂේම සාධක මෛත්‍රී යන නැකැත්වලට ගැළපීම ඉතා සුබයි.  


විවාහ නැකැත් සඳහා ගන්නා සුබ නැකැත් වන්නේ රෙහෙන මුවසිරස මා උත්‍රපල් හත සා අනුර මුල උත්‍රසල උත්‍රපුටුප රේවතී යන නැකත්ය. මෙහි ශුක්ල පක්ෂයේ චන්ද්‍රයා සිටිත් නම් වඩාත් සුබ වෙයි. මනාලියෝ ක්ෂේත්‍රයේ ගුරු බලවත් කාලයක් මනාලයාගේ කේන්ද්‍රයේ රවි බලවත් කාලයක් නැත්නම් දෙදෙනාගේම චන්ද්‍රයා බලවත් කාලයක් විවාහ කටයුතු සඳහා සුබ කාල වෙති.  


චන්ද්‍ර මාස අනුව බලනවිට නවම් මැදින් බක් වෙසක් පොසොන් යන චන්ද්‍ර මාස ඉතා සුබ බව ශාස්ත්‍රීය නියමය වෙයි. ඉල් උඳුවප් යන මාස දෙක මධ්‍යම සුබ පෙන්වයි. සූර්ය මාස අනුව බලනවිට රවි ග්‍රහයා කටක කන්‍යා ධනු කුම්භ යන රාශිවල ගමන් කරන මාස අසුබය. විවාහ කටයුතු සිදුකරන නැකතට පුරපස 1-2-3-5-7-10-11-13 යන තීර්ථ යහපත් වෙයි.  
විවාහ කටයුතු සිදුකරන අවස්ථාවේ යෙදෙන තත්කාල කේන්ද්‍රයට අනුව හය අට යන භාව ස්ථානවල පාපී ග්‍රහයින් නොසිටිය යුතුය. හත්වෙනි භාවයට පාප දෘෂ්ටි නොවැටීම හත්වෙනි භාවය බලවත් වීම වැදගත්ය.  


චාරිත්‍රානුකූලව විවාහයක් සිදුකරන අවස්ථාවේදී නැකත් වැඩි ගණනක් සෑදීමට සිදුවෙයි. මෙයින් නැකැත් ගෙනයාම නමින් හඳුන්වන නැකැත් පත්‍රය මනාලියගේ මාපියනට භාරදීම සඳහා අඩුම ගණනේ මාසයකටවත් පළමුව ගෙන යා යුතු වෙයි. වර්තමාන විවාහ මංගල උත්සව හෝටල්වල ගැනීම නිසා විවාහයට යොදා ගන්නා නැකැත් දිනය මාස තුනකටවත් පළමුව දැනුම් දිය යුතු වෙයි.  


මංගල උත්සවයට ශාලාවක් වෙන්කර ගැනීම සඳහා.  


විවාහ නැකැත් පත්‍රය සාදනු ලබන්නේ මනලයාගේ පාර්ශ්වයෙනි. මනාලියගේ පාර්ශ්වයේ අනු දැනුම ඇතිව දෙපාර්ශ්වයටම පහසු මාසයක් දිනයක් මනාලියගේ උපන් නැකතට අනුව ගළපා ගනී. එම නැකැත් පත්‍රය මානලියගේ නිවසට ගෙනයාමට සුබ දිනයක සුබ හෝරාවකට අනුව පිළිගැන්වීම චාරිත්‍රයයි.  


දෙපාර්ශ්වයම නෑදෑ හිතමිතුරනට අාරාධනා කිරීමටද සුබ දිනයක සුබ හෝරාවක් සාදාගත යුතුය. ඒ සඳහා මනාලියගේ උපන් නැකතට ගැළපෙන දිනයක්ද මනාලියගේ ලග්නයට ගැළපෙන රාශියක් පවතින සුබ හෝරාවක ආරාධනා පත්‍ර භාරදීමට සැලසුම් කරගනී. මනාලයාගේ පාර්ශ්වයට බුලත්දීම සඳහා මනාලයාගේ උපන් නැකතට ගැළපෙන දිනයක්ද උපන් ලග්නයට සුබ රාශියක් පවතින වේලාවක සුබ හෝරාවක් ඇතුළත පවුලේ ඥාතියෙකුට ආරාධනා කරනු ලබයි.  

විවාහය සඳහා ප්‍රධානම නැකත හැටියට ව්‍යවහාරයේ පවතින්නේ දෙදෙනා පෝරුවට නැග අතපැන් වත්කරන වේලාව බව සඳහන් වෙයි. මෙයද වර්තමානය දෙස බලනවිට අද මනාල මනාලියන් ශාරීරික නොඉඳුල් භාවයක නොසිටින නිසා එම අතපැන් වත්කරන නැකතේ විශේෂත්වයක් නොපෙනෙයි. පෙර කල විවාහ කටයුතු සිදුකරන විට මනාලිය මනාලයාගේ ශරීර ස්පර්ශ වන්නේ මෙම අතපැන් වත්කරන වේලාවට බව පිළිගැනීමක් තිබුණි. වර්තමානයේ තරුණ තරුණියන් දැන හඳුනාගෙන ඇසුරු කරන නිසා නොඉඳුල් භාවයක් නැත.  

 


මඟුල් මඩුවට කණු සිටුවීමටද සුබ මුහුර්ත සාදනු ලබයි. නමුත් වර්තමානයේ කුලියට ගෙනත් සවිකරන ටෙන්ට් හෝ නැත්නම් උත්සව ශාලාවල පවත්වන නිසා මෙම පැරණි ක්‍රමය අභාවයට ගොස් ඇත. මඟුල් පෝරුව සෑදීමද මනාලියගේ නැකතට ගැළපෙන සේ යොදා ගනී. නමුත් වර්තමානයේ කුලියට දෙන මඟුල් පෝරු ඇති නිසා මෙම මඟුල් පෝරු සකසන නැකතද අභාවයට ගොස් ඇත.  


විවාහ දිනයට කලින් දින තුනකට හෝ හතරකට පෙර තෙල් තාච්චිය ළිප තැබීමට නැකැත් සාදනු ලබයි. එම නැකත දෙපැත්තේ අවශ්‍යතාව මත සකස් කිරීමට පුළුවන.  
ඇඳුම් අඳින නැකත උදාවෙන්නේ මඟුල් දින උදෑසනටය. මෙයටද පාන්දර යාමයේ නැකැත් සෑදීමට සිදුව ඇත. මනාල මනාලියන් ඇඳුම් අන්දවන ස්ථානයට යාමට අවශ්‍ය නිසා උදෑසන හයට පළමුව ඔවුන්ගේ ඉල්ලීම මත සුබ හෝරාවක් සෑදීම යෝග්‍ය වෙයි. මනාලියට වේලය හෝ නළල්පට තැබීමට එම දිනයට යෙදෙන සුබ හෝරාවක සෑදිය යුතුය. ඇඳුම් ඇඳීමේ නැකතේ සිට විනාඩි හතළිහකට වගේ පසුව එම නැකැත් වේලාව සෑදීමට පුළුවන.  


මනාල මහතාට නිවසින් පිටත්වන නැකත සෑදීමද වර්තමානය වන විට වෙනස් මුහුණුවරක් ගනී. පෙර කල චාරිත්‍රානුකූලව මනාලියගේ නිවසට මනාලයා සුබ වේලාවට පැමිණීම සඳහා නැකත සාදා දුන්නත් වර්තමානය වනවිට එම අයගේ කැමැත්තට අනුව යන ස්ථානයට ළඟාවීමට හැකි දුර ප්‍රමාණය දැනගෙන නැකැත් වේලාව සෑදිය යුතුය.  


මනාලියටද පිටත්වීමේ නැකත සාදනු ලබන්නේ මනාලයා සමග තම නිවසින් පිටත්වන අවස්ථාවේදීය. නමුත් වර්තමානයට ගැළපීම් මත මනාලියගේ ඇඳුම් සැකසීමට යන අවස්ථාව නිවසින් පිටත්වන වේලාව නිසා එම වේලාවට සුබ වේලාවක් සෑදිය යුතුය. එයද නිවසේ සිට යන ස්ථානයට ඇති දුර ප්‍රමාණය දැනගෙන වේලාව සෑදිය යුතුය.  


විවාහය ලියාපදිංචි කිරීමටද එම අයගේ අවශ්‍යතාවයන් මත එනම් උත්සව ශාලාවට ලේකම් මහතා පැමිණෙයිද නැත්නම් විවාහ ලේකම් කාර්යාලයට යනවාද දැනගෙන එම ස්ථානයට ඇති දුර ප්‍රමාණය කාලවේලා දැනගෙන නැකත සෑදිය යුතුය.  


පෝරුවට නගින නැකතට අනුව පෝරුව ඇතුළතදී යෙදෙන සුබ පංචම කාලහෝරා යොදාගෙන මුදු පැලඳීම තැලිපිළි මාරු කිරීම අතපැන් වත්කිරීමට සුබ මුහුර්ථ සෑදිය යුතුය. පෝරුවෙන් බැසීමටද මිනිත්තු තිහක් තිස්පහක් පමණ ගෙවුණු පසු සුබ හෝරාවකට පෝරුවෙන් බැසීම කළ යුතුය.  


මේසය ඉඳුල් කිරීමට සාදන නැකත ද දැන් දැන් අභාවයට ගොස් ඇත. නවීන විලාසිතාවලට අනුව මෙම චාරිත්‍ර නවීකරණය වී ඇති නිසා වර්තමානයේ මේසය ඉඳුල් කිරීමට නැකැත් සෑදීම නොකරයි.  


මනාල යුවළට පිටත්වීමේ නැකත ද යන ස්ථානයට අනුව දුර ප්‍රමාණය දැකගෙන සුබවේලාව සෑදිය යුතුය. එම දිනට රාහු කාලය යෙදේ නම් රාහු කාලය ලැබීමට පළමුව හෝ රාහු කාලය ගෙවුණු පසු නැකැත් සෑදීම කළ යුතුය. පසුදින නිවසට පැමිණෙන නැකත එම දෙදෙනාගේ අවශ්‍යතාව මත තීරණය කරන දිනට තානායමෙන් පිටත්වීම සුබ වේලාවක්ද මනාලයාගේ නිවසට යාම සුබ වේලාවක් ද සෑදීම සුදුසුය.  


විවාහය සඳහා ප්‍රධානම නැකත හැටියට ව්‍යවහාරයේ පවතින්නේ දෙදෙනා පෝරුවට නැග අතපැන් වත්කරන වේලාව බව සඳහන් වෙයි. මෙයද වර්තමානය දෙස බලනවිට අද මනාල මනාලියන් ශාරීරික නොඉඳුල් භාවයක නොසිටින නිසා එම අතපැන් වත්කරන නැකතේ විශේෂත්වයක් නොපෙනෙයි. පෙර කල විවාහ කටයුතු සිදුකරන විට මනාලිය මනාලයාගේ ශරීර ස්පර්ශ වන්නේ මෙම අතපැන් වත්කරන වේලාවට බව පිළිගැනීමක් තිබුණි. වර්තමානයේ තරුණ තරුණියන් දැන හඳුනාගෙන ඇසුරු කරන නිසා නොඉඳුල් භාවයක් නැත.  


වැදගත්ම ලෙසට නැකත මෙන්ම සුබවේලාව යෙදිය යුත්තේ නවක යුවළ පළමුව ශාරීරිකව එකතුවන අවස්ථාව වීම වඩාත් වැදගත් බව පෙනෙයි. දෙදෙනාගේ ඉදිරි ජීවිතයට කායික මානසික සමබරතාව වැදගත් වෙයි. එම නිසා නැකැත් සාදන විට එදින යුගජීවිතයට මුල පුරන ආරම්භක අවස්ථාව සුබ හෝරාවක් විය යුතුය.  

 


ජ්‍යොතිර්වේදිනී  
සේපාලි කරුණාරත්න 

 



අදහස් (0)

සුබ නැකත් විවාහ කටයුතු සඳහා යොදාගන්නේ කොහොමද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 14 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 11 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 19 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 28 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 38 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 15 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1255 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1524 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site