IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෙත්කවි යොමු කළ යුතු දෙවිවරු

 

එක් එක් රෝග වලට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරු සිටින්නා සේම එක් එක් අපලයට සහන සලසා දිය හැකි දෙවිවරු ද සිටිති. සෙත් කවියක් මගින් සුව සෙත අපේක්ෂා කරන අයගේ අපලයට විසඳුමක් දිය හැකි දෙවිවරු අමතා සෙත්කවි ලිවීම සෙත්කවි රචකයන්ගේ වගකීමකි. ඒ පිළිබඳව පුළුල් දැනුමක් සෙත්කවි රචකයන් සතුව ඇත. 
  
තමා කරන කටයුතු අසාර්ථක වන විට, නොපැහැදිලි බාධා පැමිණෙන විට ලෙඩ දුක් බහුල වන විට ගෘහ ජීවිතය අවුල් වන විට බොහෝ දෙනා ඡන්ම පත්‍රය පරීක්ෂෘ කරවා ගැනීමට පෙළඹේ. එහිදී සුදුසුකම් ලත් පළපුරුදු ජ්‍යෙතිර්වේදියෙකු හමුවට ගිය හොත් වැල්වටාරම් වලින් ​ෙතාරව තමාට දැන් පවත්නා දශා දෝෂ දැන ගත හැකි වනු ඇත. ඒරාෂ්ඨක අපල තිබේ නම් ඒවාද දැන ගත හැකිය. එපමණක් නොව ඒ සියල්ලටම කළ යුතු පිළියම් ද දැනගත හැකිය.   


කිසියම් ග්‍රහ අපලයකට විසඳුමක් වශයෙන් සෙත් කවියක් මගින් දේව කන්නලවුවක් කරන ලෙස උපදෙස් ලැබු අයෙකු සෙත් කවි රචකයෙකු හමුවනුයේ එකී කාර්යය ඉටු කරවා ගැනීම පිණිසය. එහිදී සෙත් කවි රචකයා සෙත් කවිය අවශ්‍ය පුද්ගලයාගේ ඡන්ම පත්‍රය ඉල්ලාගෙන දැනට ගෙවී යන දශාව සහ අතුරු දශාව හඳුනාගනී. එම දශාවේදී ඇති විය හැකි පල විපාක ද නිශ්චය කර ගනී. ඊට අමතරව ඒරාෂ්ටක යෙදී තිබේ දැයි පරීක්ෂා කෙරේ. සෙත් කවි රචකයා පළපුරුදු ජ්‍යොතිර්වේදියෙකු නම් සෙනසුරු ග්‍රහයා තමා සිටින රාශියේ කුමන අංශකයක සිටීදැයි ගණනය කොට ඒ අනුව ඒරාෂ්ටක ලබන හා ගෙවී යන දින වකවානුව පවා නිවැරැදිව ගණනය කරයි.   


​ෙසත් කවි රචනා කිරීමට පෙර සෙත් කවි රචකයා ඉහත කී කාර්යය සිදු කරනුයේ නිවැරැදිව ම නිසි පිළියම සිදු කළ යුතු බැවිනි. ගෙවී යන දශාව පරීක්ෂා කොට බලන සෙත් කවි රචකයා ඉන් පසු සොයා බලනුයේ එම අපල දුරු කළ හැකි දෙවියන් කවුරුන්ද යන්නයි.   


​සෙත්කවි රචකයා වෙත රැගෙන පැමිණි ඡන්ම පත්‍රයේ කොටස් අඩු නම් මෙකී ගැඹුරු විශ්ලේෂණ වලට යාමට නොහැකි වේ. එක් එක් අපල සඳහා සෙතක් ශාන්තියක් සලසා දිය හැකි දෙවිවරු සිටිති. අපල ඇති කරන ග්‍රහයන් සහ පිළියම් ලබාදීමට සමත් දෙව්වරු මෙසේය.   


අපල ඇති කරන ග්‍රහයන්   


රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු -කේතු   


සෙත්කවි යොමු කළ යුතු දෙවිවරු   


ඊෂ්වර, සමන් පත්නිනි, කතරගම දෙවි, විෂ්ණු දැඩිමුණ්ඩ, විෂ්ණු බ්‍රහ්ම, පත්නිනි, විෂ්ණු, සූනියම්, කතරගම දෙවි   


​ෙම් පිළිබඳව සාමාන්‍ය ජනතාවද දැනුම් වත් වී සිටිය යුතුය. සෙත් කවි රචකයන් පමණක් දැනුම්වත් වී සිටිම ප්‍රමාණවත් නොවේ. ග්‍රහ අපල තිබෙන අය බෝධි පූජාවන්ට සහභාගී වු පසු පින් අනුමෝදන් කළ යුත්තේ ද තම අපලය දුරු කළ හැකි දෙවියන්ටය.   


ග්‍රහ අපල පිළිබඳව කන්නලවු කළ යුත්තේද අදාළ දෙවියන්ටය. එබැවින් තම අපලය හඳුනා ගැනීම ද තම අපලයට විසඳුම් දිය හැකි දෙවියන් හඳුනාගැනීම ද බෙහෙවින් ප්‍රයෝජනවත්ය.   


සෑම දිනකම එකම මහ දශාවක් නොපවතී. එම දශෘ වෙනස් වේ. ඒ අනුව තමා පින් අනුමෝදන් කළ යුතු දෙවියන් ද කාලීනව වෙනස් කර ගත යුතුය. රවි මහ දශාව වර්ෂ හයක් පවතින අතර ඉන් පසු එළැඹෙන සඳු මහ දශාව වර්ෂ දහයක් පවතී. ඉන් පසු කුජ මහා දශාව එළැඹෙණ අතර එය වර්ෂ හතක් පවතී. රාහු මහ දශාව ඉන් අනතුරුව එළැඹෙන අතර එය වර්ෂ දහඅටක් පවතී. ඉන් පසු එළැඹෙන ගුරු මහ දශාව වර්ෂ දහසයක් පවති.   


සෙනසුරු මහ දශාව වර්ෂ දහනවයක් පවතින අතර ඉන් පසු බුධ මහ දශාව වර්ෂ දාහතක් පවතී. කේතු මහ දශාව වර්ෂ හතක් පවතින අතර ඉන් පසු සිකුරු මහ දශාව වර්ෂ විස්සක් පවතී. ඉන් පසු යළි රවි මහ දශාවේ සිට දශෘවන් බලපවත්වයි. රවි මහ දශාවේ ආරම්භයේ සිට සිකුරු මහ දශාවේ අවසානය තෙක් කාලය වසර එකසිය විස්සකි.   


සෙත්කවි රචකයා ඉහත දැක් වු කාල වකවානුව ගණනය කොට සෙත් කවියක් ඉල්ලා සිටින අයට ඒ වන විට බලපා ඇති මහ දශා, අතුරු දශා සැලකිල්ලට ගෙන ඊට ගැළපෙන දෙවියන් උදෙසා සෙත් කවිය රචනා කර දෙයි. තම අපල කාලය දුරු වන තෙක් දෙවියන්ට බැති සිතින් පින් අනුමෝදන් කරමින් සිටීම මගින් සෙත් කවියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකිය.   

 

 

 

 


පාඨශාලාචාර්ය   
අසෝක විජයසේකර.   
තලාව, ගා/වඳුරඹ,   

 



අදහස් (0)

සෙත්කවි යොමු කළ යුතු දෙවිවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site