IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විස දිලීරයක් ඕස්ට්‍රේලියාවේ ගෑවුණොත් මැරෙනවා

මාරක විස දිලීරයක් එසේත් නැතිනම් හතු විශේෂයක් පළමු වරට  ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇත. මේ දිලීරය කොතරම් විසදැයි කීවොත් එය ස්පර්ශවීමෙන් පවා මරණය සිදුවෙයි. මේ මාරක විස හතු විශේෂය හැඳින්වෙන්නේ ‘පොයිසන් ෆයර් කොරල්’ යනුවෙනි. පෙනුමින් තැඹිලි මුසු රතු පැහැයක් ගන්නා මෙම හතු විශේෂය මුහුදේ දකින්න ලැබෙන කොරල් වැනිය. ‘පොයිසන් ෆයර් කොරල්’ යන නමින් හැඳින්වෙන්නේ එහෙයිනි. ශරීරගත වුණොත්, මොළයට හානි සිදු කරන අතර, බිහිසුණු මරණයක් අත්වෙයි. 


සම හරහා අවශෝෂණය වන එසේත් නැතිනම් උරාගන්නා, මෙතෙක් හඳුනාගෙන ඇති එකම හතු විශේෂය මෙයයි. මේ හතු වැරැදීමකින් ආහාරයට ගතහොත් පළමුවෙන් වමනය, පාචනය, උණ ඇතිවෙයි. දෙවනුව සිරුර අප‍්‍රාණික වෙයි. කතා කිරීමේ හැකියාව නැතිවෙයි. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණ වෙද්දී, සිරුරේ ඉන්ද්‍රියයන් එකිනෙක අඩපණ වෙයි. ඒ අනුව වේදනාකාරී මරණයක් අත්වෙයි.  ඕස්ට්‍රේලියාවෙන් හමුවුණු පළමු අවස්ථාව මෙය වුවත්, මේ විස හතු ජපානයටත් දකුණු කොරියාවටත් ආවේණිකය. මේ ගැන පැහැදිලි කරන්නේ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැට් බැරෙට්ය.


මේ විස හතු මෙන් රතු තැඹිලි වර්ණයෙන් යුත්, හතු විශේෂයක්  ඕස්ට්‍රේලියාවේ දකින්න ලැබේ. ඒවා විස නොමැති අතර ආහාරයට ගැනීමත්, ඒවා ඇසුරින් ඔසු පැන් සකසා ගැනීමත් සිදුවෙයි. එහෙයින්, එම හතු යැයි සිතා ‘පොයිසන් ෆයර් කොරල්’ ආහාරයට ගත්  ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනකු මියගොස් ඇතැයි ද වාර්තා වේ. ‘පොයිසන් ෆයර් කොරල්’ හතු දකින්න ලැබී ඇත්තේ ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ මුහුදට නුදුරිනි. 
ලූසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි

 



අදහස් (0)

විස දිලීරයක් ඕස්ට්‍රේලියාවේ ගෑවුණොත් මැරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site