IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


විවාහය ඉක්මණින් සිදුකරන යෝග - ග්‍රහ පිහිටීම

විවාහය සිදුවන කාලය, විවාහ මංගල යෝග උදාවන කාලය, ප්‍රේම සබඳතා මත හෝ යෝජනා මගින් ​හෝ විවාහය සිදුවන කාලය ජන්ම පත්‍රයෙන් දැනගත හැකිවෙයි. කේන්ද්‍ර සටහනේ සඳු, කුජ, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ තත්ත්වය අනුව විවාහය ඉක්මන් විය හැකිය. 07 වැන්න විවාහය පිළිබඳ ස්ථානය වන අතර, 02 වැන්න සහ 11 වැන්නද විවාහයට බලපායි.   


විශේෂයෙන් කුජ, සිකුරු, සඳු, ගුරු බලවත්ව කේන්ද්‍ර සටහනේ යෙදී ඇත්නම් නිසි කල විවාහයට ඇතුළත් වෙයි. මෙම ග්‍රහයින් දුබලව සිටීමෙන් විවාහය කල්ගත වීමට පුළුවන. සිකුරුට වෘෂභ- තුලා මීන යන රාශීන්, කුජට මේෂ - වෘශ්චික, මකර යන රාශීන් සඳුට කටක, වෘෂභ රාශි දෙකත්, ගුරුට මීන - ධනු කටක රාශීන් බලවත් වෙයි.   


කේන්ද්‍ර සටහනේ සිකුරු 07 වැන්නේ හෝ 11 වැන්නේ, බලවත්ව සිටී නම් විවාහය ඉක්මන් කරවයි. කුජ ග්‍රහයා සිකුරුගේ (වෘෂභ - තුලා) රාශියක සිටීමෙන්ද විවාහය ඉක්මන් කරවීමට හේතුවකි. කුජ ග්‍රහයා සඳුගේ රාශියක (කටක) සිටීමත් සිකුරුද එම රාශියේ සිටීමත් විවාහය ඉක්මනින්ම සිදුවීමට හේතුවක් වන්නේය. හත් වැන්නාධිපතියා කුජ, සඳු, ගුරු, සිකුරු වී බලවත්ව සිටීමෙන්ද විවාහය ඉක්මන් කරවයි.   


විවාහ ජීවිතය අවුල් කරන්නේ හත්වැන්න අධිපතියා නීච වී සිටී නම් පමණි. 07 වැන්න වෘශ්චික රාශියක වී සඳු එහි සිටීමත්, 07 වැන්න මකරය වී ගුරු එහි සිටීමත්, 07 වැන්න කන්‍යා රාශිය වී සිකුරු එහි සිටීමත් නිසා විවාහ ජීවිතය ප්‍රශ්නකාරී වෙයි.   


අඹු-සැමි දෙදෙනා අතර මතභේද හා අවුල් සහිත තත්ත්වයක් උදාකරයි. සෙනසුරු ග්‍රහයාට සිකුරුගේ ​ෙහා් සඳු​ෙග් දෘෂ්ටිය වැටේ නම් විවාහයට කල්ගත වෙයි. මෙවැනි උදවියට විවාහවීමට කැමැත්තක් ඇති නොවෙයි. සෙනසුරුට සිකුරුගේ දැක්ම නිසාද විවාහය ගැන සිත් පහළ නොවේ. එහෙත් සෙනසුරුට අඟහරු (කුජ) පෙනීමෙන් විවාහය ඉක්මන් කරවයි.   


සෙනසුරු ලෞකික ආශාවන්ට ඉඩ නොදෙයි. එනිසා දුබල ශනි විවාහය සඳහා ඇති බලවේගයන් කෙ​ෙරන් වෙන් වෙයි. එහෙත් කේතුගේ බලය අනුව ආලය, ප්‍රේමය වැනි අදහස් ඇතිවී ඒවා සඟවාගෙන කටයුතු කිරීමෙන් අවමානයට ලක්වෙයි.   


විවාහ ජීවිතය මිනිසාගේ සැපතට මෙන්ම විපතටද හේතුවක් වෙයි. විවාහයෙන් තත්ත්වය ගෞරවය උසස්වීම සිදුවන අතර අනිත් අතින් තිබුණාටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටී කරදරවලටද භාජනය වෙයි.   
කුජ, සිකුරු දෙදෙනාගේ යෝගකාරක දශා කාල හා හත අධිපතියා රාජ යෝග කාරක දශා කාලවලදී විවාහ ජීවිතයට සිත්දෙයි. සිකුරු සමඟ කේතු සංයෝගව සිටීමද විවාහ ජීවිතයෙන් සැප නැති කරයි. මින් ගම්‍ය වන්නේ තමාට නොගැලපෙන සහකාරියක/ සහකරුවකු ලැබීමකි. 

 
සෙනසුරු සිකුරු සමඟ සංයෝගවීමෙන්ද විවාහය ප්‍රමාදවීමට පුළුවනි. එහෙත් ශනි මහ දශා - අතුරු දශා - විදශාවලදී විවාහය බොහෝ විට සිදුවෙයි.   


වැඩි කලක් නොගොස් විවාහය සිදුවන්නේ 02 වැන්නේ සිටින අධිපතියා 11 වැන්නේත් 11 වැන්නේ සිටින අධිපතියා 02 වැන්නේත් සිටීමෙනි. මෙය සිංහ ලග්නයට බලපාන්නේ නැත. වැඩි කලක් නො​ෙගාස් ඉක්මනින්ම විවාහයට ඇතුළත් වන්නේ සිකුරු 01, 04, 07, 10 වැනි ස්ථානයක සිට ලග්නාධිපති ශනි​ෙග් (මකර - කුම්භ) රාශියක නම් සිටින විටියි.   


02 වැන්න හා 11 වැන්න අධිපති ග්‍රහයන් සංයෝගවී 10 වැන්නේ යෙදුනොත් විවාහය ඉක්මන් කරවයි. ලග්නාධිපතියාද 10 වැන්නේ සිටී නම් සැපවත් විවාහ ජීවිතයක් ගත කළ හැකිය.   


රවි ග්‍රහයා 07 වැන්නේ සිටියදී 07 වැන්න සිකුරුට (වෘෂභ - තුලා) අයත්ව සිකුරු සමඟ සිටීමෙන්ද අඩු වයසින් විවාහය සිදුවිය හැකිය.   


කුජ - සිකුරු සංයෝගව (එකට සිටීම) සිටීමද විවාහය ඉක්මන් කරවීමට හේතුවකි. එසේම මෙම ග්‍රහ සංයෝගය වෘෂභ ​හෝ මකර රාශියක වීමෙන් සදාචාර සම්පන්න නොවේ. අනියම් සබඳතා ඇති කරගනී.   

 

 


මීරිගම - විද්‍යාල මාවතේ ජ්‍යොතිෂවේදී   
ආර්. ඇම්. ටී. බී. රත්නායක
033 2273004

 



අදහස් (0)

විවාහය ඉක්මණින් සිදුකරන යෝග - ග්‍රහ පිහිටීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 354 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site