IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විනිසුරුවන් නීතිඥයන් බිහිකරන බුධ ගුරු යෝගය

බුධ, ගුරු කේන්ද්‍රයේ එක කොටුවක් තුළ යෝගයක් ලෙස යෙදී ඇති පුද්ගලයින් ලොව ඇති තාක් දේ ඉගෙනීමට ආශා කරයි. ළදරු, පාසල් වියේ පටන් සහජ දක්ෂතා පෙන්වමින් උසස් පෙළ විෂය ධාරාවලින් ඉහළම Z අගයක් ලබමින් විශ්වවිද්‍යාලවලට තේරී පත්වන දූ දරුවන්ගේ කේන්ද්‍ර සටහන්වල බොහෝ විට මෙම ග්‍රහයින් දෙදෙනා එකට සිටිනු දැකිය හැක.   


මෙවැනි දරුවෙක් නීති ක්ෂේත්‍රය තෝරා ගතහොත් දක්ෂ විනිසුරුවරයෙකු දක්වා ගමන් කිරීමට ඉතා පහසු වේ. උගත්කම මත දියුණු වේ. හිනිපෙත්තටම නැගිය හැකි වාසනා හිමි වේ. පවුලට, ගමට, රටට හිතැති ප්‍රියමනාප වැඩදායක පුද්ගලයෙකු වේ. කුමන වෘත්තියක් කළද සමබර දිවි පෙවෙතක් ගත කරයි.   


ඥානයට අධිපති බුධ ග්‍රහයා තීක්ෂණ නුවණ සත්‍යවාදී බව කතා ලීලාව, ඉගෙනීම, බුද්ධිය වඩවන සිහිය පවත්වා ගනිමින් කළ යුතු සියලුම කාර්යයන්හි මූලිකත්වය දෙයි. අන්‍ය ග්‍රහයින්ටද පක්ෂපාතී වේ. සූර්යයාට පමණක් කුඩා වූ මැද පිටට නෙරූ ගුරු තරුව සෑම දෙයක්ම විශාල කර පතුරවන ග්‍රහයෙකි.   


ඈත අතීතයේ පටන්ම ගුරු ග්‍රහයා ගුරු ලෙස සැලකේ. ගුරුන් වහන්සේ යුක්තිය පසිඳින්නා යන ගෞරව නාමයෙන් සෑම ආගමකම සෑම ජාතියක් විසින්ම හඳුන්වනු ලබන ගුරු ග්‍රහයා ග්‍රහ ලොව පුරෝහිතයා වේ. නීතියට අධිපති ධන කාරක, පුත්‍රකාරක සෑම දෙයකම වැඩිදියුණුව සලසන සහජයෙන් එන ගුණයහපත්කම, උගත්කම හා සහසම්බන්ධ කරන ග්‍රහයෙකි. මෙලෙස බුධ ග්‍රහයාගේ බුද්ධිමය ලක්ෂණ සමග ගුරු ග්‍රහයාගේ උගත්කම සපිරි ගුණාත්මක බව ඒකරාශී කරන සුවිශේෂී ඥාන යෝගයක් ලෙස බුධ ගුරු සංයෝගය හැඳින්විය හැක.   


උසට සරිලන මහත ඇති, දැකීමට ප්‍රිය, මිත්‍රශීලී බව, සැමටම ගැළපෙන සෞම්‍ය ස්වභාවය, ලෞකිකත්වය සම්බන්ධ පතළ ඥානය, විස්වාසනීයත්වය, මධ්‍යස්ථ යුක්තියෙහි පිහිටීම, පවුලේ අයට ඥාතීන්ට, අසරණයන්ට පිහිටවීම, සාමාන්‍ය දැනුම කලබල නොවන උස් පහත් නොවන ගති ලක්ෂණ ගෞරවය රැක ගැනීම, සමාජයට ප්‍රියවීම, සෘජු බව හා දියුණුවේ ස්ථාවර බව, හොඳ නම පවත්වාගෙන යාම යන උසස් ගුණ ධර්ම ගුරු ග්‍රහයා බලවත් වීමෙන් යෙදේ. බුධ ග්‍රහයාගේ බුද්ධිමය ලක්ෂණ ඉහත කී ගුරු ග්‍රහයාගේ ගුණාංග සමග එක්වූ විට, රටක සෑම පුරවැසියෙකුටම බලපාන යුක්තිය විසඳෙන නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන විනිසුරුවරුන්ට, නීතිඥවරුන්ට කේන්ද්‍ර සටහනේ ගුරු බුධ යෝගවීම ඉතා වටිනා පිහිටීමක් බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. මෙවැනි වෘත්තියක නොයෙදුණද මෙම යෝගය සුබ ස්ථානයක පිහිටි කේන්ද්‍ර හිමියන් සමාජයේ පිළිගත්, ගෞරවාන්විත අයුරින් නිහතමානීව කටයුතු කරමින් ජීවත්වනු දැකිය හැක.   


මෙම බුධ ගුරු යෝගය කේන්ද්‍රයේ 1, 2, 4, 5, 9, 10, 11 කොටුවල පිහිටීම සුබවන අතර එය තුලා රාශිගත වී ඇති නම් එම ලක්ෂණ තීව්‍ර කරයි. ඔබේ කේන්ද්‍රයේ ලග්නයට අනුව තුලා රාශිය සොයන අයුරු බලමු.   


මේෂ ලග්නයට - 7 කොටුව   
වෘෂභ ලග්නයට - 6 කොටුව   
මිථුන ලග්නයට - 5 ​කොටුව   
කටක ලග්නයට - 4 කොටුව   
සිංහ ලග්නයට - 3 කොටුව   
කන්‍යා ලග්නයට - 2 කොටුව   
තුලා ලග්නයට - 1 කොටුව   
වෘශ්චික ලග්නයට - 12 කොටුව   
ධනු ලග්නයට - 11 කොටුව   
මකර ලග්නයට - 10 කොටුව   
කුම්භ ලග්නයට - 9 කොටුව   
මීන ලග්නයට - 8 කොටුව   
තුලා රාශිය වේ   


ඔබේ ලග්නයට අනුව ඉහත කොටුවේ බුධ හා ගුරු ද්වි ග්‍රහ යෝගයක් ලෙස හෝ වෙනත් සුබ ග්‍රහයෙකු සමග ත්‍රි ග්‍රහයෝගයක් ලෙස හෝ වෙනත් ග්‍රහයින් දෙදෙනෙකු සමග සුබ චතුර්ග්‍රහ යෝගයක් ලෙස හෝ යෙදීමද යහපත් වේ.   


කරුණු තේරුම් කිරීමේදී අපක්ෂපාතී බව, මැද පිළිවෙත, ඉවසීම යුක්ති ගරුකම තීන්දුවකට බැසීම නිසාම ජීවිතය සමාජයේ පිළිගත් එකක් වන බැවින් නීති ක්ෂේත්‍රයේ යහපත්ව කටයුතු කිරීමට හා උසස් බවට පැමිණීමට බුධ ගුරු ඒකරාශී වී සුබ රාශියක පිහිටීම ඉවහල් වේ.   

 

 


ජ්‍යොතිර්වේදී   
සිරිනේරිස් අප්පුහාමි   
දැරණියගල  



අදහස් (0)

විනිසුරුවන් නීතිඥයන් බිහිකරන බුධ ගුරු යෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site