භාරත දේව සභාව

 

 

​කෙලිලොල් ඉසිවරයකු වූ නාරද ලෝකය වටා සංචාරය කිරීමෙන් සතුටක් ලැබුවේය. එසේ සංචාරයේ ගිය දිනෙක මධ්‍ය ඉන්දියාවේදී ඔහුගේ ඇස ගැටුණේ වින්ධ්‍යා කඳු වැටියයි.   


හරිත වර්ණ ඝන කඳු මුදුන මත වූ සෞන්දර්යය ඉසිවර නාරදගේ සිත මෝහනය කළේය. ඔහු වහාම කඳුවැටිය පාමුලට ගොස් එදෙස බලාසිටියේය. හමන සුළඟට කඳු මුදුනෙහි වූ තුරුලතා සෙලවෙන හැටි ඉසිවරයාගේ සිත පැහැර ගත්තේය.   


“උසම කඳුවැටිය ඔබ හරිම අලංකාරයි. මට හිතෙන්නේ මේ මුළු ලෝකයෙහිම තිබෙන කඳු වැටි අතරින් උසින් වැඩිම කඳුවැටිය වන්නේ ​ඔබයි. මම මුළු ලෝකය පුරාම සැරිසරන්නෙක්. නමුත් මා කිසි දවසක ඔබ තරම් උස කඳුවැටියක් දැක නැහැ.”   
වින්ධ්‍යා කඳු වැටිය ඉසිවර නාරදගේ වචන වලට වුවමනාවෙන් කන් දී සිටියේය.   
“එසේම ඔබ ​ෙම් මුළු ලෝකයටම උපකාර කරනවා. ඔබෙන් ඉපදෙන ගංගා වල ජලය මිනිසාගේ පිපාසය සංසිඳුවනවා. ඒ වගේම බොහෝ ඉසිවරු ඔබ සෙවණට වී නිදහසේ බවුන් වඩනවා.”   
ඉසිවර නාරදගේ මේ ප්‍රශංසාත්මක වදන් වින්ධ්‍යා කඳු වැටියෙහි ආඩම්බරය වැඩි කරන්නට සමත් විය. පොඩි ආඩම්බරකමකින් හිස උදුම්මාගත් වින්ධ්‍යා කඳුවැටිය සතුටින් ප්‍රමුදිත වෙද්දී ඉසිවර නාරද උන් තැනින් නික්ම ගියේය.   
“නාරද ඉසිවරයා සිටින්නේ අසතුටින්”   
වින්ධ්‍යා වටහාගත්තේය.   
“උතුම් ඉසිවරයාණනි”   
වින්ධ්‍යා හීන් ස්වරයෙන් කතා කළේය.   
“ඔබේ කාරුණික වදන් වලට බෙහෙවින්ම ස්තුතියි. නමුත් උතුමාණනි ඔබ කී පරිදි​ ලෝකයේ උසම කඳු වැටිය මා යැයි පැවසීම විශ්වාස කිරීම අසීරුයි. ලොව උසම කඳුවැටිය නම් මා නොවෙයි.”   
ඉසිවර නාරද මදහසකින් දෙතොල තෙමා ගත්තේය.   
“මට ඔව් කියන්න සිදුවෙනවා” ඉසිවර නාරද කීවේය “නමුත් එය බොරුවක්මත් නෙවෙයි”   
ඒ අපභ්‍රංස කතාවට වින්ධ්‍යාට කේන්ති ගියේය.   
“කුමක්ද? ලෝකයේ මට වඩා උසින් වැඩි කඳු වැටිය කුමක්ද?”   
එහෙත් නාරද නිහඬව සිටියේය. තමන් දෙන කෙබඳු පිළිතුරකින් වුවද වින්ධ්‍යා කෝප ගැන්වෙන බව ඔහු දැන සිටියේය. දැනටමත් කෝපයට පත්ව සිටින ඇය තමන් දෙන පිළිතුරෙන් වියරු වැටෙනවාට ඔහු කැමති වූයේ නැත.   
කෙසේ වෙතත් ඔහු ඉතා හෙමින් කතා කරන්නට පටන්ගත්තේය.   
“උතුම් කඳුවැටිය, ඔබ හිරුට ඉතාමත් සමීපයි. ඇයි ඔබ හිරුගෙන් විමසන්නෙ නැත්තෙ. ඔහුගේ දෛනික දින චර්යාව ගැන. ඔබ දන්නවා ඊට ල​ැබෙන පිළිතුර ඔබටම ප්‍රශ්නයක් බව”   
ඒ සමගම ඉසිවරයා නොපෙනී ගියේය.   
වින්ධ්‍යා කඳුවැටිය සූර්යයා දෙසට හැරුණේය. ඒ මොහොතෙහි හිරු සිටියේ කඳුමුදුනට ඉහළිනි.   
“සූර්යා සූර්යා”   
වින්ධ්‍යා, මහ හඬින් කතා කළේය.   
හිරු සිටියේ කඳු මුදුනට ඉහළින් වූ මුත් කඳු මුදුනත් අහසත් අතර දුර පරාසය වැඩිවිය. ඒ නිසා වින්ධ්‍යා කතා කළේ උස් හඬිණි.   
නිදහසේ හෙමින් ගමනක් යමින් සිටි හිරු දෙවියා මේ හඬ ඇසී හැරී බැලුවේය. තමන්ට පහළින් තිබෙන කන්ඳ, තමන් දෙස බලාසිටින හැටි හිරුට පෙනිණි.   
“සූර්යා, කුමක්ද ඔබේ ගමන් මග? ඔබ ගෙදර යන ගමන්මග?”   
වින්ධ්‍යා​ෙග් මේ ප්‍රශ්නය හිරුගේ විමතියට හේතුවිය. මේ සියල්ල ඉසිවර නාරදගේ කෙළි කවටකම් බව සූර්යයා දැන සිටියේ නැත. ඒ නිසාම ඔහු වින්ධ්‍යා දෙස බලාසිටියේ ප්‍රහේලිකාව විසඳාගත නොහැකිවය.   
මම යන්නෙ නැගෙනහිර සිට බටහිරට හැන්දෑවට මේරු පර්වතය වටේට ගිහින් බටහිරින් බැහැලා යනවා. ඇයි ඔබ අහන්නෙ?”   
හිරු සංසුන් හඬින් පිළිතුරු දුන්නේය.   
“මේරු කොහෙද ​ඔය මේරු තියෙන්නෙ?”   
වින්ධ්‍යා හිරුගෙන් ඇසුවේ කෝප සහගත හඬකිනි.   
සූර්යයා වින්ධ්‍යා දෙස සෘජු බැල්මක් හෙලුවේය.   
“මේරු කියන්නෙ බ්‍රහ්මගෙ නිර්මාණයක්. සමහර වෙලාවට ඔහු මේරුව මත නතරවෙලා ඉන්නවා. මේ මේරු පර්වතය හරිම උසයි. කොයිතරම්ද කියනවනම් මම වගේම අනෙක් ග්‍රහලෝක හැම එකක්මත් මේරු වටේ කරකැවෙනවා.”   
වින්ධ්‍යාගේ කේන්තිය වැඩිවිය.   
“එහෙමද? එතකොට ඔබ මා වටේ කරකැවෙන්නේ නැත්තේ ඇයි?   
මමයි මේ ලෝකයෙම තියෙන උසම කඳු වැටිය”   
හිරු කෝපයෙන් පුපුරන කඳුවැටිය දෙස බැලුවේ සරදමෙනි.   
“නෑ වින්ධ්‍යා මේරු ඔබ ව​ෙග් නෙමේ. ඔබට වඩා හුඟාක් උසයි. කොටින්ම මේරු පර්වතයට උඩින් මට පවා යන්න බැහැ. ඒ තරමටම උසයි.”   
හිරු සංසුන්ව කීවේය.   
එහෙත් තව දුරටත් වින්ධ්‍යා දෙස බලා නොසිට ඇය අසල නොරැඳී හිරු යන්නට ගියේය.   
එහෙත් හිරු නික්ම යන අයුරු වින්ධ්‍යා දුටුවේ නැත.   
සිය කේන්තිය දෙගුණ තෙගුණ කරගත් වින්ධ්‍යා යළිත් කියවන්නට පටන්ගත්තාය.   
“මේරු? හිරු මේරු වටේ යන්නෙ මට වඩා හුඟාක් උස නිසයි. එහෙම නම් කරන්න ඕනෑ මේරුවට වැඩියෙන් මගේ උස වැඩි කරගැනීමයි. එතකොට හිරු පවා මගේ වටේ පැදකුණු කරාවි.”   
එසේ කල්පනා කළ වින්ධ්‍යා කඳු වැටිය උසින් වැඩිවන්නට තීරණය කළේය. ඉනික්බිති එය උස යන්නට පටන් ගත්තේය. මේ අසාමාන්‍ය උස පෘථිවියෙහි තිබූ සමබරතාවයට හානියක්ම විය.   
කෙසේ වෙතත්, හිරු ගමන්කරන විට මේ උසැති කන්ඳ දුටුවේය. සිය සරදම් සිනාව යළිත් මුව මත නගාගත් හිරු උසම උස වින්ධ්‍යා දෙස බලා සිටියේය.   
“එයා උස ගිහින්. ඒත් මේරුව ඔයිට වඩා උසයි.”   
හිරු තමන්ටම කියාගත්තේය.   
වින්ධ්‍යාගේ අසාමාන්‍ය උස මිනිසුන්ටත් දෙවියන්ටත් ගැටළුකාරී බව හිරුට සිතිණි.   

“උසම කඳුවැටිය ඔබ හරිම අලංකාරයි. මට හිතෙන්නේ මේ මුළු ලෝකයෙහිම තිබෙන කඳු වැටි අතරින් උසින් වැඩිම කඳුවැටිය වන්නේ ​ඔබයි. මම මුළු ලෝකය පුරාම සැරිසරන්නෙක්. නමුත් මා කිසි දවසක ඔබ තරම් උස කඳුවැටියක් දැක නැහැ.”


එසේම ඔබ ​ෙම් මුළු ලෝකයටම උපකාර කරනවා. ඔබෙන් ඉපදෙන ගංගා වල ජලය මිනිසාගේ පිපාසය සංසිඳුවනවා. ඒ වගේම බොහෝ ඉසිවරු ඔබ සෙවණට වී නිදහසේ බවුන් වඩනවා.”
 ඉසිවර නාරදගේ මේ ප්‍රශංසාත්මක වදන් වින්ධ්‍යා කඳු වැටියෙහි ආඩම්බරය වැඩි කරන්නට සමත් විය.


දෙව්වරුන්ගේ රජු වන ඉන්ද්‍ර ඉසිවර අගස්තය සොයා ගියේය. ඉසිවර අගස්තය යනු වින්ධ්‍යා කඳු වැටියේ ගුරුවරයා වූ බැවිනි.   
ඉසිවර පාමුල එකත්පස් වූ ඉන්ද්‍ර ඉසිවරයා ඇමතුවේය.   
“උතුමාණනි, වින්ධ්‍යා කඳු වැටිය මේ මොහොතේ පෘථිවියට එහි වෙසෙන මිනිසුන්ට මෙන්ම දෙවියන්ටද ගැටළු ඇතිකර අවසන්. නමුත් වින්ධ්‍යාවේ ගුරුවරයා ඔබයි. ඒ නිසා ඔබ කියන්නක් අසන්නට වින්ධ්‍යා සූදානම් බවයි මගේ කල්පනාව. ඒ නිසා ඔබට පුළුවනි ඔහු කලින් හිටපු උසටම ඔහුගේ ප්‍රමාණය අඩුකරගන්නා ලෙස දැනුම් දීමට”   
කල්පනාකාරීව මොහොතක් ගත කළ ඉසිවර අගස්තය හීන් හිනාවක් නැගුවේය.   
“මම වින්ධ්‍යාට කියන්නම් ඔබ කණගාටු වෙන්න එපා.”  
ඉසිවර අගස්තය කීවේය.  
ඔහුගේ වදන් විශ්වාස කළ ඉන්ද්‍ර දෙවියා දෙව්ලොව පිහිටි තම මැදුරට ගොස් විවේකීව සිටියේය.  
“ඉසිවර අගස්තය වින්ධ්‍යා හිටපු දිසාවට ගෙනෙයි.”   
ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය.   
තම නිවෙසට ගිය ඉසිවරයා සිය බිරිඳ ලෝපමුද්‍රා බ්‍රින්ග්‍රි සහ අචූත යන දරුවන් ඇමතුවේය.   
“ඔය ගොල්ලන්ගෙ බඩු භාණ්ඩ ටික එකතු කරගන්න.”   
ලෝපමුද්‍රා ඉසිවරයා දෙස බැලුවේ විමතියෙනි   
“අපිට මෙතැනින් යන්න වෙනවා”   
බිරිඳ​ෙග් බැල්මෙන් සියල්ල තේරුම්ගත් ඉසිවරයා පැවසුවේය.   
ලෝපමුද්‍රා සහ දරුවන් තවත් වචනයක්වත් කතා කළේ නැත. වහාම සිය බඩුමුට්ටු එකතු කරගෙන ගමන් මළු වලට දමාගත්හ.  
ගෙවී යන රාත්‍රිය එහි ගත කරන අවසන් රාත්‍රිය බවත්. ඊළඟ හිමිදිරියේදී මෙතැන අහිමිවන බව ඔවුහු තේරුම් ගත්හ. නොතේරෙන පුංචි දුකකින් ඔවුන්ගේ සිත් රිදුම් නොදුන්නා නොවේ. එහෙත් ඉසිවර අගස්තයගේ තීරණයට එරෙහි වීමට ඔවුනට නුපුළුවන.   
ඊළඟ හිමිදිරියේදීම ඔවුහු ගමන පටන්ගත්හ. එවර ඔවුන් ගියේ ඉන්දියාවේ දකුණු දෙසටය.   
එතැනට වින්ධ්‍යා කඳු වැටිය ​ෙමානවට පෙනිණි.   
“වින්ධ්‍යා”   
ඉසිවර අගස්තය වින්ධ්‍යා කඳු වැටියට කතා කළේය.   
“උතුමාණනි”   
වින්ධ්‍යා වහා කීවේය.   
ඔබ මෙහි පැමිණීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මොකද ඔබ මගේ ගුරුතුමානෙ.”      
ඉනික්බිති, ඔහු ඉසිවර අගස්තය හා තමන් පිළිබඳ බොහෝ දේ ගැන දොඩමළු වීමට පටන් ගත්තේය.   
“ඔබ සමඟ දොඩමලු වීම මට සතුටක්. නමුත් මේ මොහොත මම කලබලකාරියි. ඒ නිසා ඔබ සමග දොඩමලු වීමට පසුව පැමිණෙන්නම්.”   
“සමාවෙන්න මගෙන් කරදරයක් වුණානම්”   
වින්ධ්‍යා වහා කීවේය. ඔබතුමා ඔබේ ගමන් අවසන් කරන්න.   
අගස්තය ඉසිවරයා වින්ධ්‍යා දෙස බැලුවේ දීප්තිමත් දෙනෙත් වලිනි.   
“මට යන්න ඕනෑ මේ කඳුවැටියෙ අනෙක් පැත්තට. නමුත් ඔබ දැන් පෙරට වඩා ගොඩාක් උස ගිහින්. ඒ නිසා මට ඔබව තරණය කිරීම අපහසුයි.”   
වින්ධ්‍යා නිහඬ දෑසින් සිය ගුරුතුමා දෙස බලා සිටියේය.   
“ඔබට හැකිනම් පෙර මෙන්ම මිටි වෙන්න. එවිට මටත් මගේ බිරිඳට සහ දරුවන්ට ඔබව තරණය කිරීමට පහසුයි”   
“උතුමා​ෙනණි, ඔබේ ගමන නිමකරන්න”   
වින්ධ්‍යා වහාම පෙර සිටි උස දක්වා පහත්වෙන්නට පටන් ගත්තේය.   
ඉසිවරයා සිය අඹු දරුවන්ද සමග වහාම කන්ද තරණය කළේය.   
ගමන අවසන් කළ ඉසිවරයා, වින්ධ්‍යා දෙස හැරී බැලුවේය.   
“ගුරුතුමනි, ඔබේ බැල්මෙහි ඇත්තේ අප්‍රසන්නතාවයක්. කියන්න” අසතුටට හේතුව කුමක්ද කියා?”   
වින්ධ්‍යා ආයචනා කළේය.   
“මම ඉතාම ඉක්මණට ආපහු එනවා. ඒ නිසා මං ආපහු එනතුරු ඔබ මේ ප්‍රමාණයටම රැඳී ඉන්න. කලබලයෙන් යළිත් උස් වෙන්නට හදන්න එපා”   
ඉසිවරයා මෘදු හඬින් තෙපළේය.   
වින්ධ්‍යා හිස සලා එකඟතාවය පළ කළේය.   
“ඔබ ආපසු පැමිණෙන තෙක් මා මෙලෙසම ඉන්නම්”   
වින්ධ්‍යාට ස්තූතියි කී ඉසිවරයා වහා දකුණු දෙසට යන තම ගමන ඇරඹීය.   
දකුණු ඉන්දියාවේ පදිංචි වූ ඉසිවර අගස්තය යළි කිසි දිනෙක උතුරට නොපැමිණියේය. ඉසිවරයා යළි ආපසු පැමිණෙන තෙක් උස යාමෙන් වැළකී සිටින බවට වින්ධ්‍යා දුන් පොරොන්දුව නිසා ඔහුට යළිත් උස නොයා සිටින්නට සිදුවිය.   
මේ නිසා පෘථිවියෙහි වූ අසමතුලිතතාවය බිඳීගිය අතර මිනිසුන්ට සහ දෙවියන්ට පැන නැගුණ ප්‍රශ්න සියල්ල ද විසඳී ගියේය.   

 

 


ශාන්ත කුමාර විතාන