IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


​වෙන්කළ නොහැකි සැබෑ ප්‍රේමය

මනාලිය වී ඥාතීන් සමග

සයාරි සහ රියෝ නන්ද

 

 

සැබෑ ප්‍රේමය වූ කලී ජීවිත ගිමන් හල තුළ කිසිදා මැකී නොයන සුන්දර සිහිවටනයකි. විටෙක එය ජීවිතය ක්‍රියාත්මක කරවන, පණගන්වන යතුරක් බවට පත්වෙයි. විටෙක ප්‍රේමණීය ආශ්වාදයෙන් පුරවාලයි. සැබෑ ප්‍රේමය යනු කිසිදා ඉවත දැමිය නොහැකි, කිසිදු බාහිර බලවේගයකින් ගලවා දැමිය නොහැකි ආශ්වාදනීය වූ පරම පවිත්‍ර බැඳීම් දාමයකි.  


ඉන්දුනීසියානු ජාතික යුවතියකවූ ඉන්ටන් සයාරි සහ ඉන්දුනීසියානු තරුණයකු වූ රියෝ නන්ද ප්‍රථමා ඒ පරම පවිත්‍ර සැබෑ ආදරයෙන් වෙළී සිටි පෙම් යුවළක් වූහ.  


ඇය සහ වෛද්‍යවරයකු වූ රියෝ නන්ද ප්‍රථමා අතර විවාහය සිදුවන්නට නියමිතව තිබුණේ ගෙවීගිය නොවැම්බර් 11 වැනිදාටය. තාරුණ්‍යයේ ආරම්භක මොහොත ගෙවමින් සිටින සුන්දර සයාරි තමාගේ මනාලිය වනදා ඇය සැරසී සිටිය යුතු අැඳුම ඇය පැලැඳිය යුතු මාල වළලු සහ මල්දම ගැන රියෝ නන්ද තුළ තිබූ අදහස් සියල්ලම ඔහු තම මනාලියට කියා තිබුණි.  


“ඔයා ලස්සන සුදු කබායකින් සැරසිලා, සුදු රෝස පොකුරකින් සැරසෙන්න ඕනෑ. වෙලාවටම මට එන්න බැරිවුණොත් ඔයා ඒ විදිහටම සූදානම් වෙලා වෙඩින් ​ෆොටෝ එකට පෙනී ඉන්න ඕනෑ....” රියෝ නන්ද කීවේ විහිළුවක්ද කරමිනි. ඇය ඒ සියල්ල සතුටින් බාරගත්තාය. පාසල් වියේ සිට වසර 13 ක කාලයක් පෙම් කළ තම ප්‍රේමවන්තයාගේ සියලු අදහස් ඇය හොඳින්ම දැන සිටියාය.  


ඔහු ජකර්තාවේ පැවති රාජකාරි කටයුත්තක් සඳහා ගොස් තම ගම්පියස වූ පන්ග්කල් පිනන්ග් දූපත කරා ආපසු ඒමට ලයන් එයාර් ෆ්ලයිට් ජේ.ටී. 610 යානයට ගොඩවනවිටත් ඇය වෙළී  සිටියේ තව දින කීපයකින් එළඹෙන ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පිළිබඳ මිහිරි සිතුවිලි දාමයක ය.  


එහෙත් ජේ.ටී. 610 දරන ලයන් එයාර් ගුවන්යානය යළි කිසිදා ගොඩබිමකට සේන්දු වූයේ නැත. එය උඩට ඔසවන ගමන අතරතුරදී එක්වරම පහතට හැරී මුහුදට කඩා වැටුණේ මගීන් 189 ක් සමගය.  


එම පුවත ඇසූ සයාරි ඉකිබිඳ වැලපුණාය. වසර 13 ක ප්‍රේමය තමාගෙන් සදහටම ගිලිහී ගොස් ඇත. මුහුදට පතිත වූ යානය යළි මුහුද මතුපිටට එන්නේ නැත. ඇගේ ආදරණීය පෙම්වතාද ඒ සමගම ජීවිත ගමන අවසන් කළ බව ඇය දැන සිටියාය.  


හඬාවැලපීමෙන් අනතුරුව ඇය තවත් තීන්දුවකට එළඹුණේ තම පෙම්බරයා වෙනුවෙනි. සැබෑ ප්‍රේමයක් කිසිදා මියැදෙන්නේ නැත. දෙදෙනාගේ පරම පිවිතුරු බලාපොරොත්තුව වූ විවාහ දිනය එළඹීමට නියමිතව ඇත්තේ 11 වැනිදාටය. ඔහු කී පරිදිම සුදුවතින් සැරසී සුදු මල් කළඹක් ගෙන විවාහ ඡායාරූපයට පෙනී සිටින්නට ඇය තීරණය කළාය.  
“මං එයා වෙනුවෙන් ඒ තීන්දුව ගත්තා. එයා කියපු විදිහටම සැරසිලා විවාහ ඡායාරූපයට පෙනී සිටියා. ඔහු දකින්න ආසා කළ මගේ මද සිනාව ඔහු වෙනුවෙන්ම මම ඡායාරූපයට දුන්නා...” ඇය තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහන් කළාය.  


ඇගේ ප්‍රේමවන්තයාද සමග මුහුදු පතුලට ගිය බෝයිං 737 දැවැන්තයා නිෂ්පාදනය කර වසරක්වත් ගතව තිබුණේ නැත. බෝයිං යානයේ ගියර් පද්ධතියේ දෝෂයක් මෙම ඛේදවාචකයට හේතුවන්නට ඇතැයි සැලකේ.  


ප්‍රථම ප්‍රේමය, සැබෑ ප්‍රේමය මේ කිසිම අනතුරක්වත් කිසිම හේතුවකින් වෙන්කළ නොහැක්කේ ය.  

 


ප්‍රේමකීර්ති රණතුංග   



අදහස් (0)

​වෙන්කළ නොහැකි සැබෑ ප්‍රේමය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31360 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13575 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11009 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 979 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site