IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වත්තල දිලීප පොලිසියෙන් වෙඩි කයි

එස් ටීඑෆ් පාතාල මෙහෙයුම 

 

සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ක්‍රියාත්මක කර ඇති පාතාල මර්දන මෙහෙයුම් දැලට පසුගියදා මහනුවර ප්‍රදේශයේ දී කොටු වූ වත්තල දිලීපගේ ඉරණම විශේෂ කාර්ය බළකාය සමඟ පැවැති වෙඩි හුවමාරුවකින් අනතුරුව විසඳුණේය.   


වත්තල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් සිදුවන මත්කුඩු ජාවාරම්, ඝාතන, සිදුකරමින් සිටියදී විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවෙන් මියගිය දඩල්ලගේ මංජු නමැත්තාගේ ප්‍රධාන ගෝලයා වශයෙන් පැවැසෙන්නේ මේ වත්තල දිලීප (26) නමැත්තාය.   


දඩල්ලගේ මංජු මියගිය පසු දඩල්ලගේ මංජු නමැත්තා විසින් සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය, හෂීස් මත්කුඩු, ජාවාරම් ඇතුළු අපරාධ සියල්ල සිදුවන්නේ මෙම දිලීපගේ මැදිහත්වීමෙන් බව විශේෂ කාර්ය බළකාය කියයි.   
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට අමතරව දිලීප තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින්නකු වූ අතර ඔහු දිනකට රුපියල් 3000ක පමණ මත්කුඩු පානය කළ බව ද පැවැසේ.   


 විශේෂ කාර්ය බළකාය විසින් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකරන පාතාල මර්දන මෙහෙයුම් හේතුවෙන් බොහොමයක් පාතාල සාමාජිකයෝ දැනට සිය ගම් ප්‍රදේශවලින් පැනගොස් සැඟව සිටිති.   
ඒ සැඟවුණු පාතාල සාමාජියන්ගේ නම් ලයිස්තුව අතර දිලීපගේ නම ද නොමැකෙන ලෙස ලියා තිබුණි.   


විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් දිලීප නමැත්තා සොයා ඔහුගේ වත්තල ගල්වැටි නිවසට ගිය ද ඒ යන හැම අවස්ථාවකදීම ඔහු නිවසේ සිට නොමැත.   


 දඩල්ලගේ මංජුගේ ඉරණම විශේෂ කාර්ය බළකායේ අතින් විසඳීමෙන් පසු බියට පත් දිලීප කිනම් අවස්ථාවක හෝ විශේෂ කාර්ය බළකාය තමන් පසුපස එන බව සක්සුදක් සේ දැනගෙන වත්තල ප්‍රදේශයෙන් පැන ගියේය.   
 එම පැන ගිය ගමන ඔහු නැවතුණේ ඔහුගේ අනියම් බිරිඳගේ මහනුවර මයිලපිටිය නිවසේය.   


 එම නිවසේ රැඳී සිටියදී ඔහු ඔහුගේ ජාවාරම් නවීන තාක්ෂණය ඔස්සේ ඒ අයුරින්ම පවත්වාගෙන ගොස් සිටි අතර අත්‍යවශ්‍ය කරුණුවලදී පමණක් ඔහු වත්තලට පැමිණියත් ඉක්මනින්ම පැනයන්නට වග බලාගත්තේය.   
සංවිධානාත්මක අපරාධ සාමාජිකයන් සොයා සිදුකරන මෙහෙයුමේ නිරත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් දඩල්ලගේ මංජුගේ අපරාධ ක්‍රියාකාරකම්වල නිරත දිලීප පිළිබඳ බුද්ධි තොරතුරු රැසක් කළහ.   


විශේෂ කාර්ය බළකාය සඳහන් කරන ආකාරයට වත්තලින් පැන ගිය ඔහු මහනුවර, තලාතුඔය, පහත මයිලපිටිය ප්‍රදේශයේ සිටින බවට ඔවුන්ට තොරතුරු ලැබිණි.   


 විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු යන මහත්වරුන්ගෙන් දීලීප අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට උපදෙස් ලැබිණි.   


ඒ අනුව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීහු මහනුවරට ගොස් දිලීප පිළිබඳ තොරතුරු රැස් කළහ. දිලීප තලාතුඔය පහත මයිලපිටියේ සිය අනියම් බිරිඳගේ නිවසේ සැඟව සිටින බවට තොරතුරු සනාථ විය.   
ඒ අනුව දිලීප සෙවීමේ මෙහෙයුම් ආරම්භ විය. ඒ මෙහෙයුම් අනුව ඉකුත් 5 රාත්‍රියේ විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට පිරිස් දිලීප රැඳී සිටි නිවස වටකළේය. එම අවස්ථාවේ ඔහුගේ අනියම් බිරිඳ නිවසින් එළියට පැමිණ ඇය දිලීප නිවසේ නොමැති බවට නිලධාරීන්ට දැනුම් දුන්නාය.   


එසේ දැනුම් දුන්න ද නිලධාරීන් පිරිස නිවස තුළට ගොස් නිවස පරීක්ෂා කළ ද ඔහු හමුවී නොමැත.   


 පසුව නිලධාරීන් නිවසේ කාමර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එක් කාමරයක දොරක් එකවර විවෘත කරගෙන පැමිණි දිලීප අතේ තිබූ පිස්තෝලයෙන් සාලයේ සිටින නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.   


සැකකරුගේ එම වෙඩි ප්‍රහාර හමුවේ නිලධාරීන් ඔහුට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී ඔහු වෙඩි වැදී සාලය මත ඇද වැටී තිබුණි.   


 වෙඩි වැදී වැටුණු දීලීප විශේෂ කාර්ය බළකායේ වාහනයක දමාගෙන නිලධාරීන් ඔහු වහාම මහනුවර රෝහල වෙත රැගෙන ගිය ද රෝහලට ඇතුළත් කර පැය 1/2කට පසු මියගියේය.   


 විශේෂ කාර්ය බළකා භට පිරිස් නිවස වටලන අවස්ථාවේ දී ඔහුගේ අනියම් බිරිඳ එය දැක ‘මිදුලේ කට්ටියක් ඉන්නවා වගේ, එළියට එන්න එපා මේ කාමරයේම ඉන්න, මම ගිහින් බලන්නම්’ යැයි පවසා ඇය ඔහු කාමරයේ සඟවා ඇති බව නිලධාරීහු කියති. 


නිලධාරීන් නිවසේ කාමර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුට තවදුරටත් ගැලවුමක් නොමැති බවට දැනගෙන නිලධාරීන්ට මෙම වෙඩි ප්‍රහාර එල්ල කරන්නට ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.   


ත්‍රිරෝද රථ දෙකක් කොල්ලකෑම සම්බන්ධයෙන් දිලීපට දෙමටගොඩ පොලිසියේ නඩුවක් පවතී. 2014 වසරේ මැයි මස දිනක පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශ්‍යාමිල සඳරුවන් මහතා කිරිබත්ගොඩ දී වෙඩි තබා ඝාතන කිරීමේ සිද්ධියේ මොහු ද සැකකරුවකු වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාස කිහිපයක් බන්ධනාගාරයේ සිට ඇප මත නිදහස්ව සිටියි.   


 දිලීපට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වත්තල පොලිසියෙන් ද නඩු පවරා ඇත.   


නගර ගම් මායිම් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක තවත් පාතාල පුරුකක ඉරණම එසේ විසඳිණි. යක්ෂාගමනයට ආවඩන සමාජය විසින්ම නිර්මාණය කර ඇති තාලයක් නොමැති පාතාලයට ආවඩන්නන්ට කිසිදාක ගොඩ ඒමක් හෝ ජීවිතයක් නොමැති බවට මෙමගින් නැවත නැවතත් පෙන්නුම් කරන්නේය.

 

 

 

 


සටහන : 
ඉන්දිකා රාමනායක

 



අදහස් (0)

වත්තල දිලීප පොලිසියෙන් වෙඩි කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13318 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10958 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 60 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site