IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැඩි නින්දත් හොඳ නෑ

අල්ලපු රටෙන් ඔවදනක්

 

නිරෝගී දිවියකට, සමබල ආහාර සහ සමබර ජීවන රටාව ඉතා වැදගත්ය. සමබල ආහාර ගැනීම, සමබර ජීවන රටාවකට යොමුවීම, උදේ සවස ජීවිතය වෙනුවෙන් සටනක යෙදෙන අපට පහසු කාර්යයක් නොවෙයි. නින්ද, නිරෝගී දිවියකට අත්‍යාවශ්‍යය. රාත්‍රියට පැය 8ක් හෝ 9 ක් නිදා ගැනීම අනිවාර්යය. 

 
කෙසේ නමුත්, රාත්‍රියට පැය 9කට වඩා නිදා ගැනීමත්, සවසට පැයකට වඩා වැඩි කෙටි නින්දකට යෑමත් සෞඛ්‍යයට අහිතකරය. මෙසේ පවසන්නේ චීනයේ ස්නායු රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකි. නින්ද සම්බන්ධයෙන් මොවුන් කළ අධ්‍යයනයක වාර්තාවක් ‘නියුරෝලොජි’ නමැති වෛද්‍ය සඟරාවේ පළ වී ඇත. චීන වෛද්‍ය කණ්ඩායම, ඔවුන්ගේ අධ්‍යයනය සඳහා නිරෝගී පුද්ගලයන් 31,750 දෙනකු සම්බන්ධකර ගෙන තිබේ. ඔවුන් සැවොම වයස 65ට වැඩි පිරිස්ය.   


වසර 6 ක් තිස්සේ මෙම පිරිස අධ්‍යයනයට ලක් කෙරුණේ, ඔවුන්ගේ ජීවන රටාව (විශේෂයෙන් නිදා ගැනීම සම්බන්ධයෙන්) දත්ත රැස් කරමිනි. සියයට 24ක පිරිසක් රාත්‍රියට පැය 9 කට වඩා නිදා ගන්නා අතර, සියයට 8 ක්, සවස් කාලයේ විනාඩි 90 කට වඩා නිදා ගන්නා බව ඒ අනුව පැහැදිලි විය. රාත්‍රියේ පැය 9 ට වඩා නිදා ගන්නා සහ සවස් කාලයේ විනාඩි 90 කට වඩා නිදා ගන්නා 1,557 දෙනකු අඝාත තත්ත්වයන්ට ලක් වුණු බවත්, තවත් අය හෘදයාබාධවලට ලක් වුණු බවත් අනාවරණය විය.   


රාත්‍රියේ පැය 9 ට වඩා නිදා ගන්නා නමුත් දිනපතා සවස කෙටි නින්ද විනාඩි 30 කට සීමා වන අය හෘදරෝගවලට ලක්වීමේ ප්‍රතිශතය අඩු බව පැවැසෙයි. ‘වැඩි නින්ද පමණක් නොවෙ අඩු නින්ද ද ඔබ රෝගී කරනවා. පැය 8ට වඩා අඩුවෙන් රාත්‍රියේ නිදා ගන්නවා නම් හෝ එක දිගට පැය 8 ක් රාත්‍රියේ නිදා ගැනීමට නොහැකි නම්, එය ද ඔබේ සෞඛ්‍යයට අහිතකරයි’ යැයි චීන ස්නායු රෝග වෛද්‍ය කණ්ඩායම පෙන්වා දී තිබේ. 

 

ලුසිත ජයමාන්න   
‘ද වීක්’ හෙල්ත්   
සප්ලිමන්ට් ඇසුරිනි   



අදහස් (0)

වැඩි නින්දත් හොඳ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 307 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site