IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝහමය ද්‍රව්‍ය ඇද ගන්නා ඉන්දියාවේ චුම්බක කන්ද

ලෝකයේ අබ්රහස්

 

 

වාහනයක එන්ජිම ක්‍රියාවිරහිත කොට අධික බෑවුම් සහිත කඳු මුදුනකට ගමන් කළ හැකිද? මෙය විශ්වාස කළ නොහැකි වුවද ඉන්දියාවේ ලෙහ් දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 11,000 පමණ ඉහළින් පිහිටි ලෙහ් ලඩක් වෙත ළඟාවන්නකුට මෙම අත්දැකීම විඳගත හැකිය. ලෙහ් ලඩක් කන්දේ පවතින චුම්බක ශක්තියට ලෝහමය ද්‍රව්‍ය ඇදගැනීමේ හැකියාවක් පවතින අතර වාහනයක එන්ජිම ක්‍රියා විරහිත කොට තිබෙන අවස්ථාවක පැයට කිලෝමීටර 20 පමණ වේගයකින් ඉහළට ඇදගැනීමේ ශක්තියක් ඇතැයි පැවසේ.   


කඳු වැටිය පාමුල ඇති මාර්ගයේ ගමන් ගන්නා වාහන පමණක් නොව ඉහළින් යන හෙලිකොප්ටර් සහ කුඩා ගුවන් යානා ද ඉහත කී චුම්බක ක්‍රියාවලියට නතු වන බව කියැවේ. කඳුවැටිය ආසන්නයෙන් ගමන් ගන්නා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා එහි චුම්බක ක්ෂේත්‍රයට හසු වූ කල දෙදරීමකට ලක්වන්නේ යැයි ඉන්දු - ටිබෙට් දේශසීමා පොලිස් නිලධාරීන් සඳහන් කර තිබේ. අනතුරු අවම කර ගැනීම සඳහා නිශ්චිත වේගයකින් හා ඉහළ මට්ටමකින් ගමන් කරන ලෙසට දැක්වෙන සංඥා පුවරු එම ප්‍රදේශයේ සවි කර ඇත. ඉන්දියානු ගුවන් නියමුවෝ මෙම චුම්බක කන්ද පිළිබඳ දැනුම්වත් බැවින් බොහෝ විට එය මග හැර යෑමට පුරුදුව සිටිති. 


ලඩක්හි චුම්බක කන්දේ රහස කුමක්ද? ඒ සම්බන්ධයෙන් විවිධ මත පවතී. එම ප්‍රදේශයේ පවතින චුම්බක ශක්තිය අධික බැවින් කන්ද දෙසට වාහන ඇදගනු ඇතැයි ඇතැම්හු මත දක්වති. තවත් පිරිසකගේ මතය වනුයේ මෙය කිසියම් අද්භූත ක්‍රියාවලියක බලපෑමක් මත සිදුවෙන බවය. තුන් වැනි මතය වනුයේ චුම්බක කන්ද අවට භූමිය මඟින් කිසියම් ආකාරයක දෘශ්‍ය මායාවක් නිර්මාණය කරන බවයි. ඒ අනුව පහතට ඇති බෑවුම ඉහළට ඇති බෑවුමක් මෙන් පෙනෙන්නේ යැයි ඔවුන්ගේ අදහසය. එම දෘශ්‍ය මායාව හේතුවෙන් ගියරය මුදා ඇති වාහනයක් ඉහළට ඇදී යන්නාක් මෙන් දර්ශනය වන බැව් ඔවුහු ප්‍රකාශ කරති. 


ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පිහිටා ඇති ලෙහ් යනු ලඩක්හි ඇති දිස්ත්‍රික්ක දෙකින් එකකි. අනෙක් දිස්ත්‍රික්කය කාර්ගිල්ය. චුම්භක කන්ද පිහිටා ඇත්තේ ලෙහ් සහ කාර්ගිල් ශ්‍රී නගර් අධිවේගී මාර්ගය ආසන්නයේය. ටිබෙටයේ සිට ගලා බසින ඉන්දු නදිය ලෙහ් දිස්ත්‍රික්කයට දකුණු දෙසින් පාකිස්තානය දෙසට ගලා බසියි. 


මුහුදු මට්ටමේ සිට අඩි 12,000ක් ඉහළින් පිහිටි සික් ගුරුද්වාර පතාර් සහීබ් පුදබිම පිහිටා ඇත්තේ ද චුම්බක කන්ද ආසන්නයේය. ගුරුද්වාරය ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 1517 සික් දහම බිහි කළ ගුරුවරයා වූ ගුරුනායක් දේව් සිහිපත් කිරීම සඳහාය. ගුරුද්වාරය සහ චුම්බක කන්ද හේතුවෙන් මෙම ප්‍රදේශය සංචාරක පාරාදීසයක් බවට පත් වී තිබේ. 

 



අදහස් (0)

ලෝහමය ද්‍රව්‍ය ඇද ගන්නා ඉන්දියාවේ චුම්බක කන්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site